දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයකු මෙවර ‘මේ දවස්වල බිස්නස් කොහොමද’ විශේෂාංගය සඳහා එක්කරගත්තෙමු. ඔහු නමින් චරිත් ප්‍රිය ධම්මිකය.
ඒකල පවත්වාගෙන යන අමීෂා බියුටි පෞද්ගලික සමාගමට අමතරව සවුන්ඩ් ව්‍යාපාරයක ද ඔහු යෙදී සිටියි. ඊට අමතරව සන්ෆලවර් තාල් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේද ඔහුය.
දැනට අමීෂා බියුටි ක්‍රීම් ආයතන හතරක් පවත්වාගෙන යන මට්ටමට තම ව්‍යාපාර ජාලය පුළුල් කරගෙන තිබේ. දැනට සේවකයෝ 15ක් පමණ චරිත් ළඟ සේවය කරති.
Q: මේ දවස්වල බිස්නස් කොහොම ද?
“මේ දවස්වල බිස්නස් ටික ටික හැදීගෙන එනවා. පසුගිය කාලේ ඒ කියන්නේ තෙල් නැති කාලේ අපේ ව්‍යාපාර විවෘත කිරීම ගැන ලොකු ගැටලුකාරි තත්වයක් ඇති වුණා. ඒ නිසා අපට වගේම පාරිභෝගිකයාටත් අපව හොයාගෙන ඒම ගැටලුවක් වුණා. ඒ කාලේ වැටුණු ව්‍යාපාර දැන් තමයි පොඩ්ඩ පොඩ්ඩ හැදීගෙන එන්නේ.
දැන් ගොඩක් අය ආහාර පාන වගේම තමන්ගේ ලස්සන ගැනත් හිතනවා. ඒ නිසා ක්‍රීම් වර්ග ගැන ජනතාවගේ උනන්දුවක් තිබෙනවා. විවිධ වර්ගයේ සන්නාමවලින් ඕනෑම ක්‍රීම් වර්ගයක් මං ළඟ තියෙනවා.”
Q: බිස්නස් වැඩි වෙන්න හේතුව මොකක් කියලා ද හිතන්නේ?
“අරගලයක් රටේ ඇති වුණේ ඒ ආර්ථික තත්වය ජනතාවට දරා ගැනීමට නොහැකි වූ නිසා. එතැනින් පස්සේ රට ආපසු නැගිටීමකට ලක්වෙමින් තිබෙනවා. පසුගිය ආණ්ඩුවල ක්‍රියාකාරිත්වය මේ රට මේ තරම් පහළට වැටෙන්න හේතුවක් වුණා. තෙල් ප්‍රශ්නය විසඳුණාම දැන් නැවත මේ රට ඉදිරියට එමින් තිබෙනවා. ජනතාවගේ අතේ සල්ලිත් දැන් ගැවසෙන බවත් පේනවා.
පසුගිය දවසේ ඉදිරිපත් වූ අයවැයත් එක්ක රටට හොඳ කලක් යාවි යැයි හිතනවා. පසුගිය කාලේ රැකියා බොහෝ ප්‍රමාණයක් නැති වුණා. දැන් ඒවා නැවත නිවැරැදි වෙමින් යනවා. හැමදේම එක්ක යම් සුභවාදි පැත්තක් දකිනවා. සතුටින් බිස්නස් එක කරගෙන යනවා.”
අමිල චින්තක ගමගේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අයවැයත් එක්ක බිස්නස් හොඳ වේවි