IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අයවැය පිළිබඳ IMF විමසිල්ලෙන්

  • ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක්
  • එය මැදි ආදායම් සහ දුප්පත් රටවල් අතර රටක් ලැබූ පහළම බදු ආදායම
  • පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.4 ක්
  • දැන් ඉතිරිව ඇත්තේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5කින් වැඩි කර ගැනීමයි
  • ආර්ථිකය තවමත් අවදානම් සහගත තත්වයක
  • ආර්ථික ප්‍රකෘතිය කරා යන ගමනට වෘත්තීය සමිති ක්‍රියා මාර්ග හේතුවෙන් බලපෑමක් එල්ල විය හැකියි
  • කුලී ආදායම් බද්ද වෙනුවට වත්මන් රජයෙන් විකල්පයක්

 විමුක්ති එස් රුද්‍රිගු


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්

ශ්‍රී ලංකාව බදු නිදහස් කිරීම් ලබාදීමෙන් වැළකෙමින් මෙම මස අවසානයේදී සම්මත කරගන්නා අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුකූලව සිදුකිරීම සඳහා අවධානය යොමුකළ යුතු බවත් මෙරට සම්බන්ධයෙන් සිදුකරන සිව්වැනි සමාලෝචනය සඳහා එය ඉතා වැදගත් කරුණක් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඊයේ(04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයිද ඒ මහතා පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ අයවැය සමාලෝචනය කළ බවත් ඒ පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා කළ බවත් ඔහු ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක ලෙස වාර්තා වී තිබූ බවත් එය මැදි ආදායම් සහ දුප්පත් රටවල් අතර රටක් ලැබූ පහළම බදු ආදායම බවත් පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.4 ක් දක්වා වැඩිකරගෙන තිබෙන බවත් එය කැපී පෙනෙන ලක්ෂණයක් බවත් ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා 2023 සහ 2024 වසරවලදී ඉදිරිපත් කළ අයවැයෙන් ඉතා අපහසු විශාල වැඩ කොටසක් සිදුකළ බවත් ඉතිරි අසීරු වැඩ කොටස මෙම අයවැයෙන් ඉටුවන බවත් ඔහු පැවැසුවේය. මෙවර අයවැයෙන් ශ්‍රී ලංකාවට දැන් ඉතිරිව ඇත්තේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5කින් වැඩි කර ගැනීම බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉදිරි අයවැය මෙතරම් අසීරු නොවනු ඇති බවත් මෙය අවසාන තල්ලු‍ව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවැසුවේය. කෙසේ වෙතත් තවමත් මෙරට ආර්ථිකය අවදානම් සහගත තත්වයක පවතින බවත් ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිය කරා යන ගමනට වෘත්තීය සමිති ක්‍රියා මාර්ග හේතුවෙන් බලපෑමක් එල්ල විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

ආර්ථික ප්‍රකෘතිය කරා යන ගමනේ මෙය අවසාන තල්ලු‍ බැවින් සියලු‍ දෙනාම කැපවීමක් කළ යුතු බවද ඔහු පැවැසුවේය. මීළඟ වසර මෙරට ජනතාවට වේදනාකාරී එකක් නොවනු ඇති නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා පසුගිය රජය විසින් කුලී ආදායම් බද්ද හඳුන්වා දෙනු ලැබූ බවත් මෙම රජය ඔවුන්ගේ න්‍යාය පත්‍රය යටතේ ඊට සමාන විකල්පයක් හඳුන්වා දුන් බවත් බෲවර් මහතා පැවැසුවේය. ඉන් ආදායම් ඉලක්ක සපුරාගත හැකි බවට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණි බවත් ඒ අනුව කුලී ආදායම් බද්ද රජය හකුළා ගනු ලැබූ බවත් බෲවර් මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් විකල්පයෙන් ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුවහොත් ඒ සඳහා නව බද්දක් හඳුන්වා දීමට රජයට සිදුවනු ඇතැයි ඔහු පැවැසුවේය.

දේපල බද්ද පිළිබඳව අදහස් දක්වමින් 'බෲවර් මහතා ප්‍රකාශ කර සිටියේ විශාල දේපලක් තිබෙන්නේ සමාජයේ ඉහළ ධනවතුන්ට බවත් ඔවුන් වැඩි වශයෙන් සමාජය ගොඩ නැගීමට දායකවිය යුතු බවත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය අරමුදල් වැඩසටන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ තෙවැනි සමාලෝචනයට එම අරමුදලේ විධායක කමිටු පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.

අනුමැතිය හිමිවීමත් සමග මෙරටට ලබාදී ඇති මාස 48 ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකමේ සිව්වැනි වාරිකය ලෙස ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 334 ක මුදල වහාම නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අවසර ලබාදුන්නේය. ඒ සමග මෙතෙක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.34 දක්වා ඉහළ ගියේය.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියේ ණය අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ප්‍රගතිය ඉතාමත් ශක්තිමත් බවත් සමාජීය වියදම් ඉලක්කය හැර පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට සපුරාලිය යුතු දර්ශක ඉලක්ක සියල්ල ශ්‍රී ලංකා සපුරා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

එසේම පසුගිය ජනවාරි මස අවසන් වනවිට සපුරාලිය යුතු ව්‍යුහාත්මක කඩඉම් සියල්ල ශ්‍රී ලංකාව සපුරා හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය. ශ්‍රී ලංකාව මෑතකදී සාර්ථකව අවසන් කළ බැඳුම්කර හුවමාරුව ණය තිරසරභාවය නැවත ඇති කිරිමේ දිශාවට තැබූ ප්‍රධාන සන්ධිස්ථානයක් බවද එම අරමුදල ප්‍රකාශ කළේය.



අදහස් (1)

අයවැය පිළිබඳ IMF විමසිල්ලෙන්

Latha Thursday, 06 March 2025 09:14 AM

ඔයා මොනවා කළත් වැඩක් නෑ රජයේ වියදම් අඩු කරගන්න නැතිව රටේ ජනග්‍රහණයට සාපේක්ෂව රජයේ සේවක සංඛ්‍යාව අනිකුත් රටවල් සමඟ සංසදනය කරලා බලන්න වැරැද්ද එතැන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 36 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 68 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 93 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 19 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 24 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 22 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 848 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 210 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site