අප්‍රේල් මාසයේ තේ කිලෝවක සාමාන්‍යයේ අගය රුපියල් 1,179.70 ක්
2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව රුපියල් 12.95 කින් ඉහළට
මේ වසරේ අප්‍රේල් මාසයේදී ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයකට රුපියල් 1,179.70 ක් (ඩොලර් 3.69ක්) ලෙස සටහන්ව තිබේ. මෙය මාර්තු මාසයේ වටිනාකම වූ රුපියල් 1,144.23 (ඩොලර් 3.63) හා සැසඳීමේදී රුපියල් 35.47 ක (ඩොලර් 0.06) ක ඉහළ යාමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walker පවසයි.
මෙහිදී මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී සියලුම වගා බිම්වල තේ අලෙවියේ සාමාන්‍ය අගය රුපියල් වටිනාකම් අනුව ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව උස් වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 1,150.71ක සිට රුපියල් 1,161.94 ක් දක්වා රුපියල් 11.23කින්ද, මැදිවගා බිම් තේ කිලෝවක මිල රුපියල් 987.09 ක සිට රුපියල් 1,031.79 ක් දක්වා රුපියල් 44.70 කින්ද, පහත් බිම් තේ කිලෝවක මිල රුපියල් 1,181.30 ක සිට රුපියල් 1,229.77 ක් දක්වා රුපියල් 48.47 කින්ද ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් 2025 වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී මැදි වගා බිම් තේ කිලෝවක අලෙවියේ සාමාන්‍ය අගය හැර අනෙක් සියලුම වගාබිම් වල මිල ඉහළ යැමක් සටහන්ව තිබෙන බව Forbes & Walker පවසයි.
ඒ අනුව උස් වගා බිම් තේ කිලෝවක මිල පසුගිය වසරට සාපේක්ෂව රුපියල් 60.73 කින්ද, පහත් වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 1.12 කින්ද ඉහළ ගොස් තිබේ. එහෙත් මැදි වගා බිම් තේ කිලෝවක මිල රුපියල් 26.24 කින් පහත වැටී තිබේ.
එහෙත් සමස්තයක් ලෙස 2025 අප්‍රේල් මාසයේ තේ කිලෝවක් සඳහා වාර්තා කළ රුපියල් 1,166.75 ට සාපේක්ෂව මේ වසරේදී කිලෝවක මිල රුපියල් 12.95 කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර 2026 වසරේ මේ දක්වා වාර්තා වී ඇති ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝවකට රුපියල් 1,158.33 (ඩොලර් 3.70) කි. එය 2025 වසරේ එම කාලසීමාවේදී කිලෝවකට වාර්තා කළ රුපියල් 1,176.10ට (ඩොලර් 3.96) ට සාපේක්ෂව රුපියල් 17.77 ක (ඩොලර් 0.26ක) අඩුවීමක් බවත් Forbes & Walker පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd