( තිළිණි ද සිල්වා )
අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේදී බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව සඳහා පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීම වැදගත්වන හෙයින් ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු කිරීම වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කරනු ලැබ ඇත.
බටහිර අප්‍රිකානු රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම හා පුළුල් කිරීම, සාමාජික රටවල් අතර සබඳතා වැඩිදියුණු කිරීම, අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රගතිය හා සංවර්ධනය සඳහා අනුගත වීම යන අරමුණු පෙරදැරිව බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව (ECOWAS) 1995 වර්ෂයේදී ස්ථාපිත කෙරුණු අතර, බටහිර අප්‍රිකානු රටවල් 15ක් එහි සාමාජිකත්වය දරයි. ඒ අතුරින් රටවල් 12ක් සමඟ ශ්‍රී ලංකාව විසින් දැනට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් ප්‍රකෝටි ගණනින් හොරකම් කරනකොට පාලකයෝ ඒ අයගෙන් අල්ලස් අරන් ඇස්කන් පියාගෙන ඉන්නකොට, අනාගතයේදී ලංකාවත් ඉතියෝපියාවේ, සෝමාලියාවේ තත්වයට වැටෙන එක සිකුරුයි. එ් නිසා දැන් ඉඳන්ම අප්‍රිකාවේ රටවල් සමග සම්බන්ධකම් පවත්වමු...
අපේ පාලකයෝ ගසා කන විදියට, ලංකාවත් අප්‍රිකානු රටක් වෙන දවස වැඩි ඈතක නෙමෙයි.
සිල්වා මහත්තයා, දැනටම ඉතියෝපියාව අපිට වඩා සමහර අංශවලින් දියුණුයි. දැන් රටේ වෙන දේවල් හැටියට හිත හදාගන්න තියෙන්නේ..මේක සෝමාලියාවක් නොවේවා කියන එකයි.
එ්ක හොඳ දෙයක්. දැන් වෙන්න යන දේවල් දිහා බලපුවාම ඉස්සරහට එහෙ තමයි නවතින්න වෙන්නේ. ඒ වුණත් අර ඔප්පු මිටිය අරන් පස්සෙන් එන එකනම් නවත්වන්න බැහැ.
කොහොමත් සම්භන්ද කම් තියාගන්න වෙයි. සෝමාලියාව දිහාවට තමයි මෙයා අපේ මහ බැංකුවත්ගෙ නියන්නේ. වාසනාවකට මේ ගස් කොලන් ටිකයි,වතුර ටිකයි තියෙන්නේ ඒක නිසා මිනිස්සු කාල බීල මැරෙන්නේ නැතිව ජීවත් වෙනවා. මේ අය ටික එකතු වෙලා ඒවත් විනාශ කරලා කාල කාන්තාරයක් කරපු දවසට අපිත් සෝමාලියාව වගේ වෙයි .එකේ ඉන්න පාලකයෝ වගේ අපේ පාලකයෝ ඉඳියි.
අර ලංකාවේ පරණ වාහන අප්‍රිකාවට පටවනවා කියල කිවනේ, දැනට වහන් කියක් විතර යවල තියෙනවද දන්නේ නැහැ ?
දේශපාලකයන්ට විතරක් ද ලංකාවේ ඕනෑම හොර වැඩක් කරලා බේරිලා ඉන්න පුළුවන්?
මේ කියන්න හදන්නේ ඉතුරු රටවල් වලත් තානාපති කාර්යාල අරින්න යන වගක් වගෙයි මට නම් පෙනෙන්නේ. මගේ අදහස අපට වැදගත් රටවල් කීපයක් හැර අනෙක් අප්‍රිකානු රට වල තිබෙන තානාපති කාර්යාල වැසීමෙන් අපට මීට වඩා වාසිදායක වෙයි.
බලාගෙන අප්‍රිකා පාලකයනි රවී එනවෝ...
"...විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කරනු ලැබ ඇත...". මණ්ඩලේ ගැන හරි ආදරයක් ඇතිවෙනවා එක ඇහුවාම. හැබැයි ඒ අප්‍රිකානු රටවල මිනිස්සු නම් රෙදි අඳින්නේ ලජ්ජාවට කියලයි මං හිතන්නෙ. ඒ වගේම රෙදි නැතුව ඉන්න කට්ටියකුත් තවම එහෙ ඉන්නවා. අපේ මණ්ඩලයටත් අන්න ඒ කට්ටිය එක්ක එකතුවෙන්න පුළුවන් වෙයි දැන්මම ගියා නම්.
ඔව්, ඔව් රෙද්දක්වත් නැතුව ඉන්න තැනක් හොයාගන්න එපෑයෑ ඉතින්.
අලුත් තානාපති කාර්යාල... අලුත් ගොඩනැගිලි බද්දට ගැනීම්, අලුත් ගෘහ භාණ්ඩ මිලට ගැනීම්, අලුත් නිලධාරින් පත්කිරීම්, ... මේ ඔක්කොම කොමිස් පගා තමයි...
මේ කන තරමට අපිට ආධාර ගන්න වෙන්නේ ඉතියෝපියාවෙන් තමා. මෙහෙමත් මහා දවල් පෙනී පෙනී හොරකම් කරලත් තාමත් ඉන්න පුළුවන් රටවල් තියෙන්නේ අප්‍රිකාව සහ ලංකාවේ විතරයිනේ. හොඳා හොඳා ලංකාවේ ආණ්ඩුවේ අයට මුකුත් කරන්න බැහැනේ. මොකද ඉන්න ඔක්කොම වගේ හොරකම් කරනවනේ... නේද?
නයිජීරියාව සෞදි අරාබියට වැඩිය තෙල් පිට රට පටවනවා. නමුත් එහි ජනතාවගෙන් වැඩි හරියක් මන්දපෝෂණයට හෝ වෙනත් රෝගාබාධයන්ට ගොදුරු වී ඇති අතර ජනගහනයෙන් වැඩි කොටසකට නිසි අධ්‍යාපනයක් ලැබී නොමැත. නමුත් රට පාලනය කරන දේශපාලකයන්ට ඩොලර් ට්‍රිලියන ගණනින් මුදල් ස්විස් බැංකු ගිණුම්වල ඇති අතර ඔවුන් නිතරම ඉස්තරම්ම බටහිර පන්නයේ ඇඳුම් ඇඳගෙන නිතර නිතර බටහිර රටවල සහ ඇමෙරිකාවේ සංචාරය කරති , අපි "අලිබබා සහ හොරු හතලිහ" ගෙදර යවා බලයට පත්කරගත්තේ බටහිර පන්නයට ඇඳගත් නයිජීරියානු පාලකයන්ගේ මොඩල් එකේ අලුත් පිරිසක්ද ?
අරලියගහ මැදුරටමයි දාන්න වටින්නේ....
ජාතියේ පිනට පහළ වූ යුගයේ මහා බුද්ධිමත් ආර්ථිකය ඝාතනය කරන්නා වෙන්න ඇති....
ඇයි ලොතරැයි විකුනන්නද?
දැන් ඉතින් ජේලර් උන්නැහේලගේ සම්බන්දකම් පවත්වන්නඋත්සහගත්තොත් හොදා. කුම්බලාවෝ කුරීයපිටින් ගිල්ලනම් වමරන්නත් ඕන කුරියමතම.