යොහාන් භාසුර
අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ 25 වැනි ‘අපනයනකරුවන්ගේ සංසදය’ පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විය.
අපනයනකරුවන්ට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට සහ අපනයන ක්ෂේත්‍රය මුහුණදී ඇති අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමේ වැදගත් වේදිකාවක් බවට මෙම ‘අපනයනකරුවන්ගේ සංසදය’ පත්ව තිබේ.
අපනයන ප්‍රජාවට සහාය වීමේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ උත්සාහයක කොටසක් ලෙස මෙම අවස්ථාව අපනයනකරුවන්ට ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට, ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට සහ අපනයන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලැබේ.
මෙම සංසදයට අපනයනකරුවන් ගැටලු 110 ක් සදහා ඉදිරිපත් කළ අතර ඉන් සමාගම් ගැටලු 79 ක් සෘජුව ද ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය සහ ලංකා වාණිජ මණ්ඩලය වැනි කර්මාන්ත සංගම් ගැටලු 31 ක් ද ඉදිරිපත් විය. ඉන් ගැටලු සැලකියයුතු ප්‍රමාණයක් අපනයන කාර්යසාධක බලකාය හරහා අදාළ ආයතනවලට යොමුකර විසදමින් පවතින අතර ගැටලු 37 ක් සංසදයේදී සාකච්ඡා කිරීමට ප්‍රමුඛතාව ලැබීය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය දේශනයේදී වෙළෙඳාමට පහසුකම් සැලසීම සහ අපනයනකරුවන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබා දීම සඳහා රජයේ කැපවීම නැවත අවධාරණය කළේය. වත්මන් රජය නිෂ්පාදන ආර්ථිකය තුළ අපනයන වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බවත් ඒ සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ උපරිම සහයෝගය ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපනයනකරුවන්ගේ ගැටලුවලට සෘජු විසඳුම්