IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අපනයන සමාගම්වල කොටස්වලට ඉල්ලුමක්?

වසරේ ගත වූ මාස හතක කාලය තුළ අපනයන අංශයෙහි වර්ධනය කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී බලපෑමක් කළ හැකි තැනට පැමිණ තිබේ. මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන දහයක ආදායමක් වාර්තා කර තිබේ. සම්ප්‍රදායික අපනයන අංශවලට අමතරව තවත් පැති කිහිපයක් ආදායම සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ ඇත. වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ඉලක්කයක් යෝජනා කරන ආණ්ඩුව එම ශක්තිමත් පදනම මත පිහිටා සංවර්ධන බැඳුම්කර ඇතුළු ණය ආපසු ගෙවීමේ වැඩපිළිවෙළට ඇතුළුවන සූදානමක පසුවන බව නිරීක්ෂණය කළ හැකිය. 
තෝරාගත් සමාගම්වල කොටස් මිල දී ගැනීමට ගනුදෙනුකරුවන් සූදානම් වූ නමුත් එහි තියුණු ස්වභාවයක් දක්නට නොතිබුණි. කෙසේ වෙතත් පසුගිය ගනුදෙනු දින දෙකක කාලයේ පසුබෑමකට පත් දර්ශක, එක්තරා තලයක් දක්වා නැවත ආවරණය කිරීමක් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. 
ඊයේ දිනයේ  (අගෝ 26) ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,613.39 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 37.80 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,048.80 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 6.29 ක ඉහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 5.14 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 32,033 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 162.31 ක් විය. සමාගම් 164 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 88 කි. 
සියෙරා කේබල් රු. මිලියන 336 ක් හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 310 ක්, ටීජේ ලංකා රු. මිලියන 300 ක්, සම්පත් බැංකුව  රු. මිලියන 299 ක්, ඇක්සස් ඉන්ජිනියරි රු. මිලියන 185 ක්, රයිගම් වයඹ රු. මිලියන 179 ක්. එල්.ඕ.එල්.සී. හෝල්ඩිං .රු. මිලියන 168 ක්, තෝකියෝ නිෂ්ඡන්ද රු. මිලියන 134 ක්, සිංගර් ශ්‍රී ලංකා.රු. මිලියන 107 ක්, ජෝන් කීල්ස් .රු. මිලියන 98 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 
නිරීක්ෂක



අදහස් (0)

අපනයන සමාගම්වල කොටස්වලට ඉල්ලුමක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site