
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ දිවයිනේ දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත් ආවරණය කරමින් සේවය කරන අපනයන සංවර්ධන නිලධාරීන් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේ දී පැවැත්විණ.
මෙම සාකච්ඡාවේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ අපනයන දිශානතිය පිළිබඳ අපනයන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීම, අපනයන ඉලක්ක හා ප්‍රාදේශීය සංවර්ධන උපායමාර්ග සාකච්ඡා කිරීම, සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ විවිධ අංශවල කාර්යභාරය පිළිබඳව අපනයන සංවර්ධන නිලධාරීන් පුළුල්ව දැනුවත් කිරීමයි.
මෙම හමුවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක යන මහත්වරු ඇතුළු අධ්‍යක්ෂවරු, නිලධාරීහු සහ දිවයිනේ දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත් ආවරණය කරමින් සේවය කරන අපනයන සංවර්ධන නිලධාරීහු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපනයන නංවන්න ඇමැති නිලධාරි විශේෂ හමුවක්