IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අපනයන ආදායම වැඩි කිරීමට ඒකාබද්ධ පියවර

(හර්ෂණ තුෂාර සිල්වා)

මෙරට අපනයන ආදායම වැඩි කිරීමේ අරමුණින් සහ ‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් මෙරට අපනයන කර්මාන්තයට එල්ල වී තිබෙන බලපෑම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ සබඳතා අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර රැසක් ගෙන ඇත.

නව වෙළෙඳපොළ අවස්ථා හඳුනාගැනීම, වෙළෙඳපොළ සම්බන්ධයෙන් තොරතුරු බෙදාහරිමින් දැනුවත් බව ඇති කිරීම, සැපයුම්දාම ගැටලු විසඳුම් ලබාදීම සහ අන්තර්ජාලය හා විඩියෝ තාක්ෂණය භාවිත කරමින් ධාරිතා හා හැකියා සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ දැනට සිටින අපනයනකරුවන්ට තම අපනයන සිදු කිරීම සහාය ලබාදීම සඳහා ව්‍යාපාරික සබඳතා නිර්මාණය කිරීම එම පියවර ඇතුළත් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ සබඳතා අමාත්‍යාංශය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

‘‘එක් ගම්මානයක් - එක් නිෂ්පාදනයක්’’ යන සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය වීමේ අරමුණ ඇතිව විදේශවල වෙසෙන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජනය ආකර්ෂණය කරගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ අමාත්‍යාංශය, විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ එක්ව කටයුතු කිරීමට ද පියවර ගෙන ඇත.

කොවිඩ්-19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය අහිතකර බලපෑම් මඟහරවා ගැනීමටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 10.75ක මේ වසරේ අපනයන ඉලක්කය සපුරා ගැනීමටත් මෙම පියවර ගෙන ඇති අතර රජයේ ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම සහ තාක්ෂණය උපයෝගී කරගැනීම පිණිස අනෙකුත් දේශීය හවුල්කරුවන් මෙන්ම හවුල්කාර රටවල් සහ සංවිධාන සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ද පියවර ගැනීම ද අවධානය යොමු ව තිබේ.



අදහස් (1)

අපනයන ආදායම වැඩි කිරීමට ඒකාබද්ධ පියවර

ජයතිස්ස Thursday, 03 September 2020 03:36 AM

අපනයන වර්ධනයට ජපානය යොදා ගන්නා Trading House ක්‍රමය ලංකාවේ භාවිතා නොකරන්නේ ඇයි?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site