IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අපේ මිනිසුන් නගාසිටුවන කොත්මලේ

ශ්‍රී ලංකාවේ විශාලතම නැවුම් කිරි එකතු කරන්නා වන කොත්මලේ සමාගම විසින්, “අපේ රටේ පෝෂණය” යන මැයෙන් යුතුව නව ප්‍රචාරණ මෙහෙයුමක් දියත් කොට ඇත. මෙම මෙහෙයුමෙන් කොත්මලේ සමාගම ග්‍රාමීය ප්‍රජාව නගා සිටුවීමත්, තිරසාර කිරි ගොවිතැනට සහාය ලබා දීමත්, රට පුරා ඉහළ ගුණාත්මක භාවයක කිරි නිෂ්පාදන හරහා පෝෂණය බෙදාහැරීමත් සඳහා දක්වන කැපවීම සහතික කරනු ඇත.

මෙම ප්‍රචාරණ මෙහෙයුමේ මුහුණුවර වන්නේ සාම්ප්‍රදායික කිරි බඳුනයි. මෙම සංකේතය ශ්‍රී ලංකාවේ කිරි ගොවිතැනේ උරුමයත්, කිරි නිෂ්පාදන ගොවිපළේ සිට ඔබේ මේසයට පැමිණෙන ගමනත් පිළිඹිබු කරනු ඇත. එසේම, දේශීයව එකතු කළ නැවුම් කිරි සමගින් විශ්වසනීය පෝෂණය රටට ලබාදීම සඳහා වන කොත්මලේ සමාගමේ මෙහෙවර එයින් දෘෂ්‍ය රූපකයක් ලෙසින් පෙන්වා දෙන අතරම, ජාතිය පෝෂණය කරන භූමිය සහ ප්‍රජාව සමඟ කොත්මලේ සමාගමේ පවතින දිගුකාලීන සහසම්බන්ධය ද නියෝජනය කර දක්වනු ඇත.

කොත්මලේ සමාගම කුඩා පරිමාණ කිරි ගොවීන් 17,000කට අධික පිරිසකගෙන් දිනකට නැවුම් කිරි ලීටර් 180,000ක් පමණ ලබා ගන්නා අතර, ඒ ඔස්සේ කොත්මලේ සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම නැවුම් කිරි එකතු කරන්නා බවට පත්ව තිබේ. අතරමැදියන් ඉවත් කර, සාධාරණ ගොවිපොළ මිල ගණන් ලබා දීමෙන්, කොත්මලේ සමාගම ගොවි පවුල් සඳහා විශ්වාසදායක අදායම් මාර්ගයක් නිර්මාණය කර දී තිබෙන අතරම, පාරිභෝගිකයන් සඳහාද ස්ථාවරව පවත්නා ගුණාත්මක භාවයක් සහතික කර දී ඇත.

2010 වසරේ දී කාගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව, කොත්මලේ සන්නාමය කාගිල්ස් සමාගමේ පුළුල් නිෂ්පාදන පරාසය හා සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වී ඇතිවා පමණක් නොව, ප්‍රජා කේන්ද්‍රීය ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ කාගිල්ස් දර්ශනයෙන් නව පණක් ලබා ඇත. මෙය, 1999 දී කාගිල්ස් බාහිර ගොවි මහත්ම මහත්මීන් සමඟ සෘජුවම කටයුතු කිරීම ඇරැඹීමේ පටන් මුල් බැසගත් දර්ශනයකි. ප්‍රජාවට යහපතක් කිරීම සහ මෙහෙයුම් හා ආයෝජන හරහා ප්‍රජාවේ අවශ්‍යතා සපුරාලීමට ඇප කැප වීම, ආරම්භයේ සිටම කොත්මලේ සමාගම තුළ පැතිර තිබූ අතර, එම දර්ශනය පසුගිය වසර 15 තුළ සමාගමේ සාර්ථකත්වය සහ පරිවර්තනය සඳහා ප්‍රධාන කරුණක්ද වී ඇත. එය කොත්මලේ සමාගමේ මෙහෙයුම් පුළුල් කිරීමට, එහි යටිතල පහසුකම් නවීකරණය කිරීමට සහ ග්‍රාමීය ආර්ථික සවිබල ගැන්වීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස කොත්මලේ සමාගමේ භුමිකාව ශක්තිමත් කිරීමටද උපකාරී වී ඇත.

අද වන විට කොත්මලේ සමාගම, ඉහළම ගුණාත්මක භාවය සහ ආහාර සුරක්ෂිතතා ප්‍රමිති සපුරාලන, ISO සහතිකලත් කිරි සැකසුම් මධ්‍යස්ථාන තුනක් ඔස්සේ ක්‍රියාත්මක වේ. 2010 සිටම කොත්මලේ සමාගම, එහි පහසුකම් සහ පද්ධතීන් වැඩි දියුණු කිරීම වෙනුවෙන් නවීන තාක්ෂණය යොදාගැනීම සඳහා සැලකිය යුතු මට්ටමකින් ආයෝජනය කර ඇති අතර, තම නිෂ්පාදන ගුණාත්මක භාවය අඛණ්ඩව වැඩි දියුණු කරමින්, සිය මෙහෙයුම් ඉහළම මට්ටමක සම්මතයන් සමඟ එක පෙළකට ගෙනැවිත් තිබේ, එසේම, විනිවිද භාවය වැඩි දියුණු කෙරෙන, නාස්තිය අඩු කෙරෙන, සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කෙරෙන අන්දමට ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රථම වරට ස්වයංක්‍රීය පද්ධතියක් හරහා කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට කටයුතු කළ ගෞරවයද කොත්මලේ සමාගම හිමිකර ගනී. 

කොත්මලේ සමාගම නිෂ්පාදනය කරන කිරි නිපැයුම් අතරට, නැවුම් කිරි, යෝගට්, විවිධ චීස් වර්ග, බටර්, මුදවපු කිරි, ඉතා ඉහළ උෂ්ණත්වයක සැකසු සහ පැස්ටරිකරණය කල කිරි මෙන්ම, කිරි යොදා ගනිමින් සැකසු අයිස්ක්‍රීම් ද ඇතුළත් වේ. මෙම නිෂ්පාදන සියල්ල නැවුම්, දේශීය කිරි වලින් සාදන අතර, ගුණාත්මක භාවය සහ පෝෂණය කෙරෙහි කොත්මලේ සමාගම දක්වන අවධානය එයින් පිළිඹිබු වේ. 

කොත්මලේ සමාගමේ මෙහෙයුම් වල මූලික අංගයක් වන්නේ තිරාසාරත්වයයි. සමාගම කෘෂි කටයුතු සහ සිසිලන ක්‍රියාවලින් වෙනුවෙන් වැසි ජලය රැස් කිරීම සහ අපජලය නැවත භාවිත කිරීම සඳහා පද්ධතීන් පිහිටුවා ඇති අතර, එය චක්‍රීය ජල පරිහරණ ක්‍රමවේදයක් සඳහා සහය සපයයි. සුර්ය බලශක්තිය සහ ජෛව ස්කන්ධ බොයිලේරු සඳහා සමාගම සැලකිය යුතු මට්ටමකින් සිදු කරන ආයෝජන ඔස්සේ, පොසිල ඉන්ධන මත යැපෙන ප්‍රමාණය අවම කර ඇති අතර, එය සමාගමේ පාරිසරික සහ පාලන ඉලක්ක සමඟ තවදුරටත් සමපාත වේ.

නවීන වෙළෙඳසැල් මෙන්ම 55,000 කට අධික සාමාන්‍ය අලෙවිසැල් සහ ආහාර සේවා අංශය ඔස්සේ කොත්මලේ සමාගම සිය නිෂ්පාදන රට පුරා පුළුල්ව බෙදාහැරෙන ජාලයක් පාරිභෝගිකයාට ලබාදෙන අතරම, අපනයන වෙළඳපොළට ද තම නිෂ්පාදන එක් කර සිටියි. මේ ඔස්සේ කොත්මලේ සමාගම, ශ්‍රී ලංකාවේ නන් දෙස සිටිනා පාරිභෝගිකයට සෞඛ්‍ය සම්පන්න, දැරිය හැකි මිලකට ලබාගත හැකි කිරි නිෂ්පාදන සඳහා ප්‍රවේශය තිබෙන බව සහතික කරයි. 

දේශීය කිරි නිෂ්පාදනය, ජාතික ඉල්ලු‍මෙන් සියයට 40ක් පමණක් සපුරාලන පසුතලයක, කොත්මලේ සමාගම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීමටත්, ආනයන නිෂ්පාදන මත යැපීම අඩු කිරීමටත්, එසේම විදේශ විනිමයෙන් ඩොලර් මිලියන ගණනක් ඉතිරි කිරීමටත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. රටේ කිරි නිෂ්පාදනයෙන් සියයට 95 කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන කුඩා පරිමාණ කිරි ගොවීන්, ආදායම් උත්පාදනය සහ රැකියා උත්පාදනය මඟින් මෙහිදී සෘජුවම ප්‍රතිලාභ ලබන අතර, ඒ ඔස්සේ රටේ ග්‍රාමීය මට්ටමේ සමාජ-ආර්ථික ව්‍යුහය ද ශක්තිමත් කෙරේ.



අදහස් (0)

අපේ මිනිසුන් නගාසිටුවන කොත්මලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site