IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අපේ ආර්ථික ප්‍රතිපත්තිය එකයි

(හර්ෂණ තුෂාර සිල්වා)

දේශපාලන ප්‍රතිපත්ති කුමක් වුවත් එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුව ‘ජාතික එකමුතුව සහ ආර්ථිකය ප්‍රතිපත්තිය’ සම්බන්ධයෙන් දරන ස්ථාවරය කිසිදු අවස්ථාවක වෙනස් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ආණ්ඩුවේ සියලු පාර්ශව මූලික ආර්ථික ප්‍රතිපත්තියකට එකඟත්වය පළ කළ බවත් රටේ කුමන දේශපාලන තත්ත්වයක් පැවැතිය ද මූලික ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොවන බවත් වික්‍රමසිංහ මහතා කියයි.

‘දකුණු ආසියාව ලෝකයට විවෘත කිරීම’ යන තේමාව යටතේ කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (06) පැවැති ‘සාර්ක් ආයෝජන සමුළුව 2017’ ආරම්භක සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

“රටේ විවිධ දේශපාලන පක්ෂ, විවිධ දේශපාලන කණ්ඩායම් තිබෙනවා. පක්ෂ දේශපාලනය තිබෙනවා. ඕනෑම කෙනකුට ඕනෑම දේශපාලනයක නිරත විය හැකියි. දකුණු ආසියාවේ පක්ෂ දේශපාලනය හොඳින්ම දකින්න තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපිත් පක්ෂ දේශපාලනයේ නිරත වුණා. ප්‍රධාන පක්ෂ දෙක වරින් වර බලයට පත්වුණා. එක් පක්ෂයක් අනෙක් පක්ෂයට චෝදනා කරමින් දේශපාලනයේ නිරත වුණා. එහෙත් මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සම්මුතියකට පැමිණියා. අපි මූලික ආර්ථික ප්‍රතිපත්තියකට එකඟත්වය පළ කළා. දේශපාලනය කුමක් වුවත් එම ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ.

රටේ මොන දේශපාලනය තිබුණත් ශ්‍රී ලංකාවේ ජාතික එකමුතුව සහ ආර්ථික ප්‍රතිපත්ති රාමුව වෙනස් වන්නේ නැහැ. රටේ ආර්ථික, සාමාජික හා දේශපාලන ආදී සියලු තීරණ ගනු ලබන්නේ ජාතික එකමුතුව පවතින අයුරින් සහ ආර්ථික ප්‍රතිපත්ති රාමුවට අනුවයි” යැයි ද අග්‍රාමාත්‍යවරයා මහතා ප්‍රකාශ කරයි.  


(ඡායාරූප ගයාන් අමරසේකර)



අදහස් (4)

අපේ ආර්ථික ප්‍රතිපත්තිය එකයි

mahee Wednesday, 06 September 2017 11:26 PM

ඒ කතාවට මාත් එකඟයි. එහෙම එකමුතුවක් නැත්නම් කොහොමද එක පක්ෂෙකට අයිති ඇමතියෙක් හොරා කන කොට අනික් පක්ෂේ ඇමතියල ඒ හොරාව ආරක්ෂා කරන්නේ? වැදගත් වචනවලින කියනවා නම් 'සාමකාමී සහජීවනය'. මේ ගොල්ලන්ගේ වචනවලින්ම කියනවා නම් 'සම්මුති ආණ්ඩුව'.

:       259       430

lalith Thursday, 07 September 2017 12:30 PM

ඔහොම කියල මදි 2/3 ඡන්දෙකින් කාටවත් වෙනස් කරන්න බැරිවෙන්න මැතිවරණවලදී වෙනස් නොවෙන ආර්ථික සභාවක් පිහිටුවන්න. දියුණු රටවල් විවිධ මත ද‍රින් සඳහා අන්ත දක්ෂිණාංශික සහ අර්ධ වාමාංශික (සමාජවාදී මත දරන) පක්ෂ දෙකක් ඇතිව එකම වෙළඳපොල ආර්ථිකයක් සහිතව පෙරට යන විට, අප අන්ත දක්ෂිණාංශික සහ අන්ත සමාජවාදී (නාමික) පක්ෂ දෙකකින් යුතුව ටික කලක් දකුණටත්, නැවත වමටත් ගමන් කිරීම නිසා සැමදා එක තැනට වී සිටිනවා. මෙම එකඟතාවය රටට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මෙවැනි ඒකීය ආර්ථික ප්‍රතිපාත්තියක් ඇති පක්ෂ දෙකක් අප රට නිදහස ලබන අවදියේ පිහිටුවා නොතිබීම නිසා වුනු පාඩුව ප්‍රමාදවී හෝ හරිගැස්විම ඉතාම අත්‍යවස්‍ය වුවක්. පවුද්ගලික ආර්ථික න්‍යායයන් සහ ප්‍රතිරුප ගොඩනැගීම අත්හැර රටේ අනිකුත් පක්ෂත් මෙම ප්‍රවාහයට එක්වෙනවානම් දේශපාලන පොරපිටිය කෙතරම් සංකීර්ණ උවත් රටේ ආර්ථිකය දිනෙන් දින ඉදිරියට යනු නොඅනුමානයි.

:       0       1

ravi Friday, 08 September 2017 08:06 AM

ඔව් ඉතින් තියෙන්නේ එකම ප්‍රතිපත්තියනේ. රට විකුණන් කන ප්‍රතිපත්තිය විතරයිනේ ඉතින් හැමදාම එජාප එකට තිබුණේ....

:       429       518

හර්ෂ Tuesday, 12 September 2017 02:33 AM

රට උගසට තබා නේක විසූක දස්සන වලින් උද්දාමයෙන් කල් ගෙවූ පුද්ගලයන් දැන් හෙළනා කිඹුල් කඳුළු දුටුවිට සිහිවුනා මිදී තිත්තයි කියූ නරියන් .....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site