ලෝක දෑත් සේදීමේ දිනේදි චීනය සතුව තිබු ගිනස් වාර්තාව බිඳ දමමින් එක් දිනක වැඩිම දෑත් සේදීමේ පිරිස ඇති රට වශයෙන් මෙම වසරේ වාර්තාව ශ්‍රී ලංකාවට හිමි විය.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් දොඩන්ගොඩ ඇලදුව දෙමළ විද්‍යාලයයේදී පැවැති උත්සවයකදී ගිනස් වාර්තා කමිටුවේ සභාපති ජැක් බ්‍රොක් බෑන්ඩ් මහතා ඒ සඳහා හිමි සහතිකය යුනිලිවර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ සිද්ධාර් බෙනර්ජි වෙළෙද නාම කළමණාකරු සාලිත අලහකෝන් යන මහත්වරුන්ට පිරි නැමීය.
බස්නාහිර පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පරිවාස සහ ළමාරක්ෂක සභා කටයුතු අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා, පලාත් සභා මන්ත්‍රි සෙනල් වෙල්ගම යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ
චීනයේ එක් දිනකදී තබා තිබු වාර්තාව දෙසීයකි ශ්‍රී ලංකාව එය අභිබවා යමින් හයසීය දෙනෙක් දෑත් සේදූහ












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
මඩ සොදා ගත් කළ ගොවියා රජකමට වුවද සුදුසුයි කියපු ශ්‍රී ලංකාවේ අත සොදා ගත් කළ පාතාලයා දේශපාලනයට සුදුසුයි කියලා වෙනස් කරන්න කාලේ ඇවිල්ලා.(හේ)
අපිටත් ගිනස් වාර්ථාවක්.(හේ)
මම හිතන්නේ ලෝකයේ විශාලතම කැබිනට් මණ්ඩලය ලංකාවේ තියනවා කියන්නේ බොරුවක්?, නැත්නම් ඒක ගීනස් වාර්තා පොතට ඇතුලත් විය යුතුයි නේද? කරුණාකර කවුරු හරි කියලා දෙන්න (නදී)
අරය කලත් මමනම් ඕවට නැහැ කියල අත් සෝදා ගත්තද ? නැතිනම් ලංකාවේ අපි හොඳට කාල ඉන්න බව පෙන්නන්න අත් සෝදා ගත්තද ?(හේ)
ජය වේවා! (නි)
අර රෙදිසෝදන කට්ටිය නම් තවම හෝදනවා ඇති (නි)
අපේ රටේ වගේ කුණු හෝදන( රෙදි අපුල්ලන) ඇමතිලා ලෝකයේම නැහැ එ්කත් ගිනස් වාර්තාවක් වෙයි නේද ඒ මහත්තුරුන්ට කිව්වා නම්. (නදී)
අපි කොහොමත් මේ වැඩේට දක්ෂයිනේ! (නි)
කොහොමද මේ අත් සේදීම සිද්ධ වෙන්නේ? සියලු දෙනාම එකම තැනකදී එකට අත් සොදනවද? නැතිනම් දවසකට කිහිප සැරයක් අත් සොදන්නේ නැති කෙනෙකු ලංකාවෙන් සොයාගන්නත් අමාරු නිසා (නදී)
අපි ඉතින් කොහොමත් අතහෝදලා පැත්තකට වෙන කට්ටියනේ! (නි)
අපි කොහොමත් අත හෝදල පැත්තකට වෙන ජාතිය නේ (නදී)
අපි කොහොමත් අතහොදල පැත්තකට වෙන ජාතිය නේ (අ)
අපි කොහොමත් අතහොදල පැත්තකට වෙන ජාතිය නේ. (අ)
ගිනස් මහත්තුරුන්ට වාර්තා කරන්න බැරිද දන් නැහැ අපේ රටේ තියෙන හොදම හෝදන තුන පර්ලිමෙන්තුව ,ජාතික රුපවහිනියි ,ස්වාදීන රුපවහිනියි ගැනත් (බ)
ගිනස් මහත්තුරුන්ට වාර්තා කරන්න බැරිද දන්නේ නැහැ. අපේ රටේ තියෙන හොදම හෝදන තුන පර්ලිමෙන්තුවයි, ජාතික රූපවාහිනියයි, ස්වාදීන රූපවාහිනියයි ගැනත් (නදී)
හොඳ වැඩක් (නදී)
සතුටුයි, අපිත් ගිනස් වාර්ථාවක් තිබ්බා.(හේ)
අපේ රටේ අය මොනදේටත් දක්ෂයි (නි)
මේක ඉතින් අතීත රජකාලේ ඉඳලම තිබෙන වැඩක්නේ. (නි)
කලින් කිව්වානම් අපිත් එනවා.(හේ)
අපේ මාමත් ගිනස් වාර්තාවක් තියලා තියෙනවා කඩේ ගිහිල්ලම.නැන්දා කියන පරක්කුවට මාමා කඩේ යනවා. (ස)
මේ වගේ තවත් ගිනස් වාර්ථා ටිකක් තියන්න පුළුවන් නම් ගොඩක් හොදයි.(හේ)
ගිනස් වාර්ථාවට සහභාගී වූ සියළු දෙනාටම ජය වේවා.(හේ)
තවත් මේ වගේ අදහසක් පහළ වේවා.(හේ)
ලාංකීකයන් විදියට ලොකු ආඩම්බරයක්.(හේ)
හරිම ලස්සන උත්සවයක්! (නි)
දාල තියෙන අදහස් දැක්කම ඇඩෙනවා. (නදී)
ඉතාලියේ අපි හෝදන හේදිල්ල කවදාවත් තාම කරන්න බැහැ. දැන් අය හෝදන්න දන්නේ නැහැ (නදී)
චින්ටා අත හෝදන එකක් නැහැ (නදී)
තව මාම කෙනෙක් නැන්දා නොකිව්වත් ගිනස් වාර්තාවක් තියන්න මෙතන කඩේ යනවා.(නදී)
අත සෝදා ගැනීමට කවදත් දක්ෂ දේශපාලකයිනුත් අපි අතර ඉන්නවනේ! (නි)
හොඳ වැඩක් (නදී)
මට බය කවදා හරි දවසක අපිට චීනාගේ පස්ස හෝදන්න වෙයිද කියලා? (නදී)