CBL Foods International (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලු‍ක්ෂ බැස්ටියන්ස් මහතා 2026 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේදී Ritzbury වෙත හිමි වූ වසරේ ජනතා චොක්ලට් සන්නාමය’ ඇගයුම පිළිගනිමින්.


CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury, පසුගියදා Monarch Imperial හිදී පැවති 2026 SLIM-Kantar  ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවැනි වරටත් වසරේ ජනතා චොක්ලට් සන්නාමය’ ලෙස ඇගයුම්  හිමිකර ගැනීමට සමත් විය. 
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ  Kantar  එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී මුළුමනින්ම පාරිභෝගික අදහස් මත පදනම්ව සන්නාම ඇගයීමට ලක් කෙරේ. මෙහිදී පාරිභෝගික අදහස් විමසීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් ප්‍රමාණාත්මක සමීක්ෂණයක් සිදුකෙරෙන බැවින් මෙය රටේ ජනතාවගේ හඬ සැබැවින්ම නියෝජනය වන සම්මාන උළෙලක් ලෙස හැඳින්විය හැක.  
අඛණ්ඩව දෙවැනි වරටත් මෙලෙස  ලංකාවේ ජනප්‍රියම චොක්ලට් සන්නාමය බවට පත්වීමෙන් පෙනී යන්නේ, රට පුරා වෙසෙන පාරිභෝගිකයන්ගේ ආදරය දිනාගනිමින් ඔවුන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමට  Ritzbury‘ සමත් වී ඇති බවයි. මෙම ජයග්‍රහණය ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ ප්‍රජා සංවර්ධනය උදෙසා Ritzbury දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් ශක්තිමත් කරනු නිසැකය. සෑම විටම ඉහළම ප්‍රමිතියෙන් යුත් චොක්ලට් සහ කොකෝවා පදනම් කරගත් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙන අතරම Ritzbury විවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රජාවගේ යහපත වෙනුවෙන් කැපවෙමින් රටේ තරුණ පරපුරේ කුසලතා නැංවීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී. 
“අඛණ්ඩව දෙවැනි වරටත් වසරේ ජනතා චොක්ලට් සන්නාමය ලෙස ඇගයීමට ලක් වීම අප ලැබූ සුවිශාල ගෞරවයක්. මෙය ලාංකිකයන්ගේ සැබෑ හඬ මෙන්ම ඔවුන් අප කෙරෙහි රඳවා ඇති විශ්වාසය මැනැවින් පිළිබිඹු වන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි. මෙම කාණ්ඩය යටතේ සම්මාන ප්‍රදානය කිරීම ආරම්භ වූ දා පටන් මේ දක්වා ගෙවුණු වසර දෙකේදීම මෙම සම්මානය අප වෙත හිමි වීමෙන් තහවුරු වන්නේ, පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය හා ආදරය දිනාගැනීමට අප සමත් වී ඇති බවයි. ඉදිරියටත් ඉහළම රසයෙන් හා ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙන අතරම, පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවීමට අප බලාපොරොත්තු වනවා.” CBL Foods International (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලු‍ක්ෂ බැස්ටියන්ස් මහතා පැවසීය.