Shangri-La Sri Lanka විසින් සංවිධානය කරනු ලබන Weddings by Shangri - La: The Signature Edit විවාහ මංගල ප්‍රදර්ශන අත්දැකීම සැප්තැම්බර් මස 21 වැනිදා උදෑසන 10.30 සිට සවස 5.30 දක්වා එක්දින ප්‍රදර්ශනයක් ලෙස Shangri - La Ballroom හි පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබේ.
2026 වසරේ විවාහපත්වීමේ අපේක්ෂාවෙන් සිටින යුවළවල් සඳහා සිය මංගල දිනය වඩාත් අලංකාර හා නිවැරදි අයුරින් සංවිධානය කරගැනීමට මෙන්ම සිය මධුසමය සඳහා සුවිශේෂි නිවාඩු අත්දැකීමක් ලබාගැනීමට මෙම අවස්ථාව උපකාරී වනු ඇත. Shangri la Colombo හා Shangri la Hambantota හි පවතින සුවිශේෂිත්වය විවාහ අපේක්ෂිත යුවළවල් වෙත ඉදිරිපත් කිරීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණයි.
කොළඹ නගරයේ පිහිටි වැඩි ඉඩ පහසුකම් සහිත , කුළුණු රහිත උත්සව ශාලාවක් වන Shangri la Ballroom හා කොළඹින් පිටත පිහිටි Shangri la Hambantota යන හෝටල් ද්විත්වයේම සුවිශේෂිත්වය මෙහිදි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනයෙන් 2026 වසරේ විවාහ අපේක්ෂිත යුවලවල් වෙත සිය විවාහ මංගල්‍යය හා මධුසමය සඳහා සුවිශේෂි වරප්‍රසාද හිමිවුණු ඇත. ඒ අතර සුවිශේෂි මිල ගණන්, සිය රුචිකත්වය අනුව සකස් කරගත හැකි පැකේජ හා තවත් තෝරාගත් සේවා රැසක් ද ඇතුළත් වේ. මෙහිදී Shangri la හි මගපෙන්වීම යටතේ මනාලිය හැඩගැස්වීම, මල් සැකසුම් නිර්මාණ, ඡායාරූප හා විඩීයෝ සඳහා ද ප්‍රතිලාභ ලබාදීම සුවිශේෂී කරුණකී.
Shangri-La Colombo හි සාමාන්‍යාධිකාරී Hervé Duboscq මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” දිගුකලක පටන් කොළඹ නගරයේ වඩාත් කැපී පෙනෙන හෝටලය බවට Shangri la Colombo පත් වී තිබෙනවා. එ වගේම කුළුණු රහිත Shangri la Grand Ballroom සමග විවාහ අපේක්ෂිත යුවළවල් වෙත සිය මංගල දිනය වඩාත් සුවිශේෂි දිනයක් බවට පත්කිරීමට අපි අවස්ථාව සලසා දී තිබෙනවා. සිය මංගල දිනය වඩාත් නිවැරදි අයුරින් සැලසුම් කිරීම සඳහා Weddings by Shangri - La: The Signature Edit වෙත සහභාගී වීමට අපි සියලු යුවළවල් වෙත ආරාධනා කර සිටිනවා.”
Shangri-La Hambantota හි සාමාන්‍යාධිකාරී Refhan Razeen මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “Shangri-La Hambantotයනු දකුණේ ස්වාභාවික සුන්දරත්වය එලෙසින් රැගෙන එන කොළඹින් පිටත පිහිටි විශාලතම කුළුණු රහිත හෝටලයයි. සිය ජිවිතයේ සුවිශේෂි දිනය අමරණිය දිනයක් බවට පත්කරගැනීමට Weddings by Shangri - La: The Signature Edit සමඟ එක්වන ලෙස අපි ආරාධනා කරනවා.”
Weddings by Shangri-La: The Signature Edit ලියාපදිංචි හා ආරාධිත අමුත්තන් සඳහා ඇතුල්වීමේ ගාස්තු අය නොකෙරේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
Weddings by Shangri-La: The Signature Edit 21 වැනිදා Shangrila හෝටල් පරිශ්‍රයේදී