IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


VFS Global සහ NCPC වෙතින් සංචාරක කර්මාන්තයට තරුණ ප්‍රජාව සවිබල ගන්වන යෞවන කුසලතා වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ වර්ධනය වන සංචාරක ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වන, ප්‍රායෝගික කුසලතාවලින් දේශීය තරුණ තරුණියන් සවිබල ගැන්වීම අරමුණු කරගෙන VFS Global  ආයතන, NCPC  ශ්‍රී ලංකා සහ ASSIST සංවර්ධන පදනම සමග හවුල්කාරිත්වයෙන් සංචාරක ක්ෂේත්‍රය සඳහා වන යෞවන කුසලතා වැඩසටහන, දියත් කර තිබේ.

මෙම මුලපිරීම පසු ගිය ජූලි 14 වැනි දින ගාල්ල නගරයේදී ආරම්භ කරන ලද අතර, ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කේ.ඒ.එන්. ප්‍රමෝදිනී, පරිසර අධිකාරි මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ නිහාල් ද සිල්වා සහ ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක යන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් ලෙස යථා තත්වයට පත්වෙමින් පවතින අතර, 2025 වසරේ පළමු භාගයේදී සංචාරක පැමිණීම් මිලියන 1.16 කට වඩා වාර්තා වී ඇත. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 15.6 ක වැඩිවීමකි. සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යන විට, විශිෂ්ට මට්ටමේ සත්කාර සේවා අත්දැකීම් ලබා දීම සඳහා දක්ෂ ශ්‍රම බලකායක අවශ්‍යතාව ද ඉහළ යයි. මෙම ඉල්ලුම සපුරාලීම සඳහා VFS Global සහ හවුල්කාරි ආයතන එක්ව දියත් කරන ලද මාස නවයක කුසලතා පුහුණු වැඩසටහන ඔස්සේ, එහි පළමු වසර තුළ තරුණ තරුණියන් 100 කට අධික සංඛ්‍යාවක් සංචාරක කර්මාන්තයට අවශ්‍ය පළපුරුද්ද, හැකියා සහ කුසලතාවලින් සන්නද්ධ කිරීමට නියමිතය.

ඒ අනුව මෙම පුහුණුව ගාල්ල, රිවර්ස්ටන්, මීගමුව සහ හපුතලේ යන ප්‍රධාන සංචාරක මධ්‍යස්ථාන හතරේදී පවත්වනු ලබන අතර, සංචාරක හා ආගන්තුක සත්කාර අංශයේ ප්‍රායෝගික සීමාවාසික පුහුණුවක් ලබා දෙයි.

සංචාරක ක්ෂේත්‍රය සඳහා වන මෙම යෞවන කුසලතා වැඩසටහන දියත් කිරීමට ASSIST ශ්‍රී ලංකා සහ NCPC සංවර්ධන පදනම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා. මෙම වැඩසටහනෙන් තරුණ ප්‍රජාවට දේශීය පාරිසරික හා සංස්කෘතික සංචාරක ව්‍යාපාරය, ඩිජිටල් අලෙවිකරණය සහ සමාජ මාධ්‍ය භාවිතය මෙන්ම, Soft Skills  හෙවත් මෘදු කුසලතා පිළිබඳ නව මානයන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එසේම, එමගින් සංචාරක ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්ති සඳහා ඔවුන් සූදානම් කරයි, යනුවෙන් VFS Global හි දකුණු ආසියාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යූමි ටල්වාර් පැවසීය.

මෙම මුලපිරීම, ලෝක සංචාරක සහ සංචාරක කවුන්සිලය මගින් ක්‍රියාත්මක කරන Together in Travel හෙවත් ‘සංචාරයේ එකට’ වැඩසටහන සමග ද සමපාත වන අතර, VFS Global  එහි ආරම්භක සාමාජිකයකු වන්නේය. එය, පූර්ණ කුසලතා වෙත ප්‍රවේශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs)  ශක්තිමත් කිරීමේ පුළුල් මෙහෙවරට දායක වේ.

2004 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන VFS Global හි කොළඹ සහ යාපනය කාර්යාලවල 140 ක කාර්ය මණ්ඩලයක් සේවය කරන අතර, VFS Global රාජ්‍යය 26 ක් සඳහා වීසා සේවා සපයයි. 



අදහස් (0)

VFS Global සහ NCPC වෙතින් සංචාරක කර්මාන්තයට තරුණ ප්‍රජාව සවිබල ගන්වන යෞවන කුසලතා වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site