IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


Thineth Software Solutions සමග Sofiya Colombo එක් වී කොළඹ ප්‍රථම ‘Hotel e-Shop’ අරඹයි


අමුත්තන්ගේ පහසුව සහ ඩිජිටල් ආගන්තුක සත්කාරය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් Sofia Colombo, Thineth Software Solutions සමග එක් වී කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් පළමු සහ එකම බහු භාෂා ඊ හෝටල් වෙළෙඳසල දියත් කර තිබේ. අමුත්තන්ට ජංගම දුරකතන යෙදවුමක් බාගත කිරීමකින් හෝ පෞද්ගලික දත්ත සැපැයීමකින් තොරව සිය කාමරය තුළ ප්‍රදර්ශනය කර ඇති QR කේතයක් ස්කෑන් කිරීමෙන් මෙම නව්‍ය මාර්ගගත වේදිකාවේ පහසුකම් අත්විඳිය හැකිය. 

මෙම පහසුකම භාවිත කර Sofia Colombo හඳුන්වා දී ඇති සම්බාහන ප්‍රතිකාර, ආහාර පාන සහ සුවිශේෂ සිහිවටන මිල දී ගැනීමට දෙස් විදෙස් අමුත්තන්ට හැකියාව ලැබේ. ජංගම දුරකතන හරහා සෘජුවම මිල දී ගැනීම් කළ හැකිය. කොළඹ නගරයේ පිහිටි Sofia Colombo නිර්මාණාත්මකභාවය සහ උසස් ආගන්තුක සත්කාර සඳහා ප්‍රසිද්ධ හෝටලයකි. මෙම ඊ වෙළෙඳසල හරහා හෝටල් පරිශ්‍රයේ සුවපහසුභාවය අත් විඳීමට අමතරව උසස් තත්වයේ නිෂ්පාදන සහ සේවා රැසක් ඇණැවුම් කළ හැකිය. භාවිතයට පහසු ලෙස නිර්මාණය කර ඇති එම වේදිකාව පුද්ගලාරෝපිත නිර්දේශ, විශේෂ වට්ටම් සහ තවත් පහසුකම් රැසකින් සමන්විත වේ. නවෝත්පාදනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන Sofia Colombo අමුත්තන්ගේ අත්දැකීම් බෙදා ගැනීම සඳහා වන පද්ධතියක් සහ Team Alert මෘදුකාංගයක්ද හඳුන්වා දී ඇත. ඒ තුළින් වේගවත් සේවා ප්‍රතිචාර ලැබීමටත්, අමුත්තන්ට උසස් සේවාවක් සැපැයීමටත් හැකියාව ලැබේ. මෙම ඊ වෙළෙඳසල භාවිත කරමින් වඩාත් උසස් සහ සුව පහසු අත්දැකීමක් ලබන ලෙස Sofia Colombo අමුත්තන්ට ඇරැයුම් කරයි.



අදහස් (0)

Thineth Software Solutions සමග Sofiya Colombo එක් වී කොළඹ ප්‍රථම ‘Hotel e-Shop’ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site