IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


Tess Agro ප්‍රකාශිත ප්‍රාග්ධනය රැ.මි. 408 කින් පහළ දමයි

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ටින් මාළු නිෂ්පාදන සමාගමක් වන  Tess Agro PLC සමාගම රුපියල් 671,071,291ක් වන සිය ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 263,000,000ක් දක්වා රු.මි. 408කින් (408,071,291) කින් පහත හෙළිමට යෝජනා කරන බව පවසයි. සමාගම මුහුණ දී ඇති අලාභ මෙම තීරණයට හේතුව වී තිබේ. මේ සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද පසුගියදා හිමිව ඇත. 
මෙහිදී දැනට නිකුත් කරන ඇති සෑම ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් සංඛ්‍යාවේ වෙනස්කමක් නොකර මෙම පියවර ගන්නා බව සමාගම පවසා සිටියි. Tess Agro PLC  සමාගමට අනුව අද වනවිට සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 677,063,049ක් සහ නිෂ්ඡන්ද කොටස් 66,666,667ක් මගින් මෙම ප්‍රකාශිත ප්‍රාග්ධනය සමන්විත වී තිබේ. කෙසේ වෙතත් මෙම තීරණය සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇත.

2025 මාර්තු 31 වනවිට සමාගම ලබා ඇති සමස්ත පාඩුව රු.මි. 461ක් (461,631,703ක්) වී තිබේ. ඒ අනුව ඉන් රු.මි. 408ක් (408,071,291ක්) ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් කපා හරින බව සමාගම පවසයි. මේ සමගින්ම සමාගම ලබා ඇති පාඩුව රු.මි. 53ක් (53,560,412ක්) දක්වා අඩු වන බවත් සමාගම පවසයි
මෙලෙස ප්‍රකාශිත ප්‍රාග්ධනය අඩු කිරීමත් සමගින්ම සමාගමේ කොටස් සම්බන්ධයෙන් පවතින ඍණාත්මක මට්ටම ඉවත් වනු ඇති බවත්, ලාභාංශ ගෙවීමට සහ අනාගත අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් හැකියාව දියුණු වනු ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.



අදහස් (0)

Tess Agro ප්‍රකාශිත ප්‍රාග්ධනය රැ.මි. 408 කින් පහළ දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site