IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


Tata Motors සහ DIMO සහයෝගීතාවෙන් නවතම Tata මගී මෝටර් රථ පෙළ ලංකාවට

ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන Tata Motors, එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO සමාගම සමඟ එක්ව සිය නවතම ඕඒ මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.
මෙම අවස්ථාවේදී Tata Motors හි පුළුල් ලෙස සාර්ථකත්වයට පත් වූ SUV කාණ්ඩයේ පෙට්‍රෝල් රථ වන Tata Punch, Tata Nexon සහ Tata Curvv හඳුන්වාදීම සිදු කෙරුණු අතර තවද සිය ජනප්‍රියතම electric hatchback රථය Tiago.ev, සමඟ Punch.ev, Nexon.ev සහ Curvv.ev යන විද්‍යුත් රථ පෙළද හඳුන්වාදෙන ලදී. අති නවීන තාක්ෂණයෙන්, සුවිශේෂී සැලැස්මෙන් සහ ඉහළ ආරක්ෂාවෙන් සපිරි මෙම පෙට්‍රෝල් සහ විද්‍යුත් රථ පෙළ දිනෙන් දින අලු‍ත්වන පාරිභෝගික ප්‍රවණතා පිළිබඳව කදිම නිදසුනකි.
Tata Passenger Electric Mobility Ltd හි ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී යෂ් ඛන්ඩෙල්වාල් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ”‍අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා. Tata Motors වසර ගණනාවක සිට සැලකිය යුතු පරිවර්තන රාශියකට ලක්වූ අතර මෙම නවතම නිෂ්පාදන හඳුන්වාදීම අපගේ නැවත පැමිණීම සනිටුහන් කරනවා. අපගේ නවතම හඳුන්වාදීම්වලින් ශ්‍රී ලංකා වෙ​ෙළඳපොළ ආකර්ෂණය කර ගැනීමට අමතරව සුවිශේෂී මෝස්තර, නවීන අංග, ඉහළ ආරක්ෂාව සහ අලෙවියෙන් පසු සුවිශේෂී සේවාව ඇතුළු දෑ පිළිබඳව නව ප්‍රමිති හඳුන්වාදීම ද අප සිදු කරනවා. අපගේ සුප්‍රසිද්ධ SUV රථ වලට අමතරව Tiago.ev electric hatchback හඳුන්වාදීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙම රථ දැනටමත් ඉන්දියාවේ, නේපාලයේ සහ භූතානයේ සුවිශේෂී ප්‍රසිද්ධියක් උසුලනවා. අපගේ දිගුකාලීන සහකරු වන DIMO සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ගමනාගමනය නව මානයකට ගෙනයාමට ඇති අපගේ හැකියාව පිළිබඳව අප විශ්වාස කරන අතර සෑම කෙනකුටම සුවිශේෂී රිය පැදවීමේ අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.”‍
”‍නවතම Tata මගී වාහන පෙළ මඟින් මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ප්‍රමිති සකස් කරන අතර නවීනත්වයෙන්, ආරක්ෂාවෙන් සපිරි නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබාදෙනු ලබනවා. ශ්‍රී ලංකාවේ වෙෙළඳපොළ, මොර්ටර් රථ ආනයනයට නැවත විවෘත කිරීමෙන් පසු හඳුන්වා දුන් ප්‍රථම මෝටර් රථ පෙළ ලෙස මෙම Tata මගී රථ පෙළ හඳුන්වන්න පුළුවන්. DIMO හි සුවිශේෂී අලෙවියෙන් පසු සේවාව සමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. අප Tata Motors සමඟින් ඇති කරගෙන ඇති මෙම දිගු කාලීන හවුල්කාරීත්වයෙන් සෑමවිටම අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා.”‍ DIMO හි විධායක අධ්‍යක්ෂක රජීව් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේය.
Tata Motors හි පෙට්‍රෝල් රථ වසර තුනක නිෂ්පාදක වගකීමකින් පැමිණෙන අතර විද්‍යුත් රථ සඳහා වසර තුනක වගකීමක් සහ වසර අටක අධි වෝල්ටීයතා බැටරි වගකීමක් ඇත. එසේම පාරිභෝගිකයන්ට 24/7 නොමිලේ මාර්ගගත සහය, Tata පුහුණු වෘත්තිකයන්ගේ විශේෂඥ තාක්ෂණික සහය සමඟින් සුවිශේෂී සහ පහසු අත්දැකීමක් සහතික කරයි.
මෙම අලු‍තින් හඳුන්වාදුන් රථ පෙළ සමඟින් Tata Motors සහ DIMO, මෝටර් රථ ක්ෂේත්‍රය නව තලයකට රැගෙන යන අතර නවීන රථ, තාක්ෂණය සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ විප්ලවීය වෙනසක් සිදු කරයි. රුපියල් මිලියන 8.7ක මිලක සිට ආරම්භ වන මෙම මගී මෝටර් රථ පෙළ DIMO ශාඛා ජාලය හරහා ලබාගත හැක.

 



අදහස් (0)

Tata Motors සහ DIMO සහයෝගීතාවෙන් නවතම Tata මගී මෝටර් රථ පෙළ ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site