IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


Solar Care PV සූර්ය බල ශක්ති පද්ධති නඩත්තුවට සම්මාන

මෙරට ප්‍රමුඛ සූර්ය බල ශක්ති විසඳුම් සහ නඩත්තු සේවා සපයන්නකු වන Solar Care International පෞද්ගලික සමාගම Global Business Excellence 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු සේවා සපයන්නා ලෙසත්, Elite Series සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය සූර්ය බල ශක්ති සමාගම ලෙසත්, Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු සේවා සපයන්නා ලෙසත් සම්මානයට පාත්‍ර විය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ කාර්මික අලෙවි පුහුණුකරු දසිත කොඩිතුවක්කු මහතා වෙත මෙම සම්මාන පිරිනැමිණි. 

Solar PV නඩත්තුව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෘත්තිකයකු වන ඔහු දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ස්ථාපනය කර ඇති ව්‍යාපෘතිවල සමස්ත ධාරිතාව මෙගාවොට් 320කට අධිකය. ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, මාලදිවයිනේ සූර්ය බල ශක්ති ව්‍යාපෘතිවලට පූර්ණ පසු විකුණුම් සේවා සැපයීමේ අරමුණෙන් ඇරැඹූ Solar Care International සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපන සහ නඩත්තු සේවා සියල්ල සපයයි. පියවර 41කින් යුතු ආරක්‍ෂිත නඩත්තු ක්‍රමවේදය පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්න්නේද එම සමාගමයි.

ඔවුන් සූර්ය පැනල සඳහා වන Anti-soiling ආරක්‍ෂිත ගැල්වුම්, පද්ධති සෞඛ්‍ය වාර්තා, පක්ෂීන්ගෙන් වන හානි වළක්වන විසඳුම්, අර්ධ ස්වයංක්‍රීය හා පූර්ණ ස්වයංක්‍රීය පිරිසුදු කිරීමේ පද්ධති, තෙවැනි පාර්ශ්ව වගකීම් සහතික සහ ගෘහස්ත PV පරිශීලකයන්ට උපදේශන සේවා ඇතුළු නව්‍ය විසඳුම් සහ සේවා රැසක් සපයයි. ප්‍රමිතිගත නිමාව, සුරක්ෂිතභාවය, කල් පැවැත්මෙන් ඉහළ TYPE SCI ස්ථාපන ක්‍රමවේදය ඔවුන්ගේ හඳුන්වා දීම් අතර වේ. වායුගතික සිසිලනය, සහතික කළ උසස් ශ්‍රේණියේ අමුද්‍රව්‍ය සහ විශේෂඥ ඉංජිනේරුකරණය යන සියල්ලෙහි එකතුවක් වන එම ක්‍රමවේදය ගෘහස්ත, වාණිජ සහ උපයෝගිතා මට්ටමේ ව්‍යාපෘතිවල කල් පැවැත්ම සහ උපරිම කාර්යක්ෂමතාව සහතික කරයි. 



අදහස් (0)

Solar Care PV සූර්ය බල ශක්ති පද්ධති නඩත්තුවට සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site