IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Signature මාතලේ නගරයට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමයක් වනSignature, සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් නවතම ප්‍රදර්ශනාගාරයක් මාතලේ නගරයේදී පසුගියදා විවෘත කරන ලදී. අංක 23, 25, ප්‍රින්ස් වීදිය, මාතලේ යන ලිපිනයෙහි පිහිටා ඇති මෙම නව ශාඛාව Signature සන්නාමයේ 10 වැනි ප්‍රදර්ශනාගාරයයි.

මෙම නව ප්‍රදර්ශනාගාරයෙන් ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ඉහළ තත්වයේ සුවිශේෂී විලාසිතා සහ හැඩයන්ගෙන් නිමැවූ සාමාන්‍ය ඇඳුම්, කාර්යාල ඇඳුම්, උත්සව සඳහා ඇඳුම්, ඇඳුම් කට්ටල ලිනන්,  කමිස, බ්ලේසර් සහ කලිසම් ආදීයේ විශාල පරාසයක Signature සන්නාමයේ පිරිමි ඇඟලුම් වර්ග රැසක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙයි. එසේම මෙම ප්‍රදර්ශනාගාර තුළ පුළුල් පරාසයක ලෙදර් නිෂ්පාදන සහ තමන් අපේක්ෂා කරන විලාසිතාවලට වඩාත් ගැළපෙන පිරිමි පැළඳුම් වර්ගත් එකම වහලක් යටින් තෝරා ගැනීමේ අවස්ථාව ඔබට ලැබී ඇත. 

මේ පිළිබඳ සිය අදහස් දැක්වූ Signature සන්නාම අධ්‍යක්ෂක අම්ජාඩ් හමීඞ් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ වැඩිම විශ්වාසයක් හිමි පිරිමි ඇඳුම් සන්නාමයක් ලෙස Signature නව ප්‍රදර්ශනාගාරයක් මාතලේ නගරයේදී විවෘත කිරීමට ලැබීම අපට ඉමහත් ආඩම්බරයක්. මේ හරහා මාතලේ ඇතුළත මෙන්ම කොළඹින් පිටතත් වෙසෙන අපගේ පාරිභෝගික ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට අපට අවස්ථාව හිමි වෙනවා. මෙම නව ශාඛාව සමඟින් Signature සන්නාමය, අලුත් පාරිභෝගිකයන් වෙත ගෙන යාමට සහ දිවයින පුරා ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තූ වනවා.”

 

 



අදහස් (0)

Signature මාතලේ නගරයට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site