IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


SMB ෆිනෑන්ස් වෙතින් රුපියල් බි. 1.5ක් වටිනා බැඳුම්කර නිකුතුවක්

 


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන SMB ෆිනෑන්ස් පීඑල්සී රුපියල් බිලියන 1.5ක වටිනා බැඳුම්කර නිකුතුවක් සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. මෙය ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර ලෙස නම් කර තිබේ. 

මෙහිදී මුල් නිකුතුව ලෙස බැඳුම්කර කොටස් මිලියන 10ක් නිකුත් කරන බව සමාගම පවසයි. එහිදී කොටසක් රුපියල්  100ක් බැගින් මිල කර ඇති අතර, ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල්  බිලියන 1කි. එසේම ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් බැඳුම්කර කොටස් මිලියන 5ක් නිකුත් කරන බව සමාගම පවසයි. ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල්  මිලියන 500 කි. මෙම බැඳුම්කර සඳහා ලබා දෙන පොලී අනුපාත පවතින වෙළෙඳපොළ පොලී අනුපාත මත ඉදිරියේදී තීරණය කෙරෙන බවත් සමාගම පවසයි. එසේම අදාළ නිකුතුව සම්බන්ධයෙන් අදාළ නියමාන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

SMB ෆිනෑන්ස් වෙතින් රුපියල් බි. 1.5ක් වටිනා බැඳුම්කර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site