භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන SMB ෆිනෑන්ස් පීඑල්සී රුපියල් බිලියන 1.5ක වටිනා බැඳුම්කර නිකුතුවක් සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. මෙය ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර ලෙස නම් කර තිබේ.
මෙහිදී මුල් නිකුතුව ලෙස බැඳුම්කර කොටස් මිලියන 10ක් නිකුත් කරන බව සමාගම පවසයි. එහිදී කොටසක් රුපියල් 100ක් බැගින් මිල කර ඇති අතර, ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 1කි. එසේම ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් බැඳුම්කර කොටස් මිලියන 5ක් නිකුත් කරන බව සමාගම පවසයි. ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් මිලියන 500 කි. මෙම බැඳුම්කර සඳහා ලබා දෙන පොලී අනුපාත පවතින වෙළෙඳපොළ පොලී අනුපාත මත ඉදිරියේදී තීරණය කෙරෙන බවත් සමාගම පවසයි. එසේම අදාළ නිකුතුව සම්බන්ධයෙන් අදාළ නියමාන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
SMB ෆිනෑන්ස් වෙතින් රුපියල් බි. 1.5ක් වටිනා බැඳුම්කර නිකුතුවක්