
SLT- MOBITEL සිය පාරිභෝගිකභවතුන් උදෙසා විශේෂයෙන්ම හඳුන්ව දෙන ලද ‘Laptop Fiesta’ ත්‍යාග වැඩසටහන පසුගියදා ආරම්භ කළේය. SLT-MOBITEL ජංගම සහ ස්ථාවර දුරකථන සම්බන්ධතා අත්විඳින සියලුම පාරිභෝගිකයන් වෙත නවමු අත්දැකීමක් ලබා දෙන මෙම වැඩසටහන SLT-MOBITEL සන්නාම ඒකාබද්ධතාවයේ තවත් වැදගත් සන්දිස්ථානයක් ලෙස හැඳින්විය හැකි යැයි එම සමාගම කියයි.
මෙහිදී, සියලුම SLT-MOBITEL පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම් සහ රීලෝඩ් කිරීම හරහා වසර පුරාම මෙම ත්‍යාග දීමනාවට ඇතුළත්වීමේ සුදුසුකම හිමි වන අතර, එමගින් වාසනාවන්ත ජයග්‍රාහකයන් 15 දෙනෙකුට සෑම සතියකම ලැප්ටොප් දිනා ගැනීමේ අවස්ථාව උදාවේ.
රට තුළ ඩිජිටල්කරණය වේගවත්ව සිදුවෙමින් පවතින අවස්ථාවක, ලැප්ටොප් පරිගණකයක් දිනා ගැනීමේ අවස්ථාව තමන්ගේ විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට ලබා දීමේ වැදගත්කම SLT-MOBITEL විසින් මනාව හඳුනාගෙන තිබේ.
SLT- MOBITEL පාරිභෝගිකයකු තම ශේෂය රු. 50කින් රිලෝඩ් කරන හෝ බිල් පත් ගෙවන සෑම අවස්ථාවකම, මෙම දිනුම් ඇදීමට සුදුසකම් ලැබීමේ වාර ගණන වැඩි වන අතර ඔවුන් SLT- MOBITEL සමඟ සම්බන්ධ වී සිටින වසර ගණන අනුව හිමි වන අවස්ථාවන් සංඛ්‍යාව වර්ධනය වේ.
‘Laptop Fiesta’ වැඩසටහන වයස් බේදයකින් තොරව, දිවයින පුරා විසිර සිටින සියලුම SLT- MOBITEL පරිභෝගිකභවතුන් වෙත පිරිනැමෙන සුවිශේෂී වැඩසටහනක් වන අතර එමගින් වසරක් පුරාවට ලැප්ටොප් පරිගණක 780ක් දක්වා පිරිනැමීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
164
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
SLT- MOBITEL වෙතින් වසර පුරා ‘Laptop Fiesta’
A.k.p.sewwandi Saturday, 19 June 2021 06:05 PM
අපිත් මොබිටෙල් පාරිභෝගිකයින් තමයි.. අපිට ලැබෙන්නේ නැද්ද ලැප්ටොප්?