IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


SLT-MOBITEL පළමු කාර්තුවේදී ලාබයේ ශක්තිමත් වර්ධනයක්

SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ

SLT සමූහය 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ පළමු කාර්තුවේදී රු. මිලියන 2,001 ක බදු පසු ලාබයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 කට සාපේක්ෂව ඉහළ වර්ධනයකි. සමාගමේ මූල්‍ය කළමනාකරණයේ සාර්ථකත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවේ වර්ධනය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ. 
SLT සමූහය 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් කාර්යසාධනයක් ප්‍රදර්ශනය කරමින් සිය ආදායම මිලියන 27,851 ක් දක්වා සියයට 3.4 කින් වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. Mobitel සමාගමේ ආදායම වර්ධනය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර, SLT PLC හි ආදායම අදාළ කාලපරිච්ඡේදය තුළ ස්ථාවරව පැවතිණි. 
සමූහයේ පිරිවැය ප්‍රශස්තකරණ වැඩසටහන් මගින් දිගින් දිගටම සාධනීය ප්‍රතිඵල ලැබුණු අතර, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙහෙයුම් පිරිවැයසියයට 2.9 කින් පහළ ගොස් රු. මිලියන 710 ක ඉතිරියක් වාර්තා විය. මේ ආකාරයට මෙහෙයුම් පිරිවැය පහළ යාම සහ ආදායම වර්ධනය වීම හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාබය (EBITDA) සියයට 13 කින් වර්ධනය වී රු. මිලියන 10,443 ක් ලෙස වාර්තා වී තිබේ. 
සමාගම් මට්ටමින් ගත් විට SLT PLC හි ආදායම සියයට 0.7 ක නාමික වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 පළමු කාර්තුවට සාපේක්ෂව රු. මිලියන 117 කින් ඉහළ ගොස් ඇති අතර, ආයතනික සේවා, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සේවා සහ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා යන අංශවල වර්ධනය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. 
සැලකිය යුතු මට්ටමින් තම මෙහෙයුම් පිරිවැය අවම කරගැනීමටද SLT PLC සමත් වී ඇති අතර, සමාගමේ පිරිවැය පෙර වසරට සාපේක්ෂව සියයට 5.2 කින් පහළ ගොස් රු. මිලියන 838 ක ඉතිරියක් වාර්තා වී තිබේ. 2024 මාර්තු සහ ජූලි යන මාසවලදී සිදු වූ විදුලි ගාස්තු අඩුකිරීම් හේතුවෙන් විදුලි පිරිවැය සියයට 38.3කින් අඩු විය. රථවාහන කුලී පදනම මත ලබාගැනීමේ පිරිවැය සහ ඉන්ධන පිරිවැය සියයට 22.7 කින්ද, අලු‍ත්වැඩියා සහ නඩත්තු පිරිවැය සියයට 12.5 කින්ද අඩු වී ඇත. 
සිය බදු පසු ලාබයෙහි කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට SLT PLC සමත් වූ අතර, එය 2024 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 286 ට සාපේක්ෂව සියයට 369.9 කින් වර්ධනය වී රු. මිලියන 1,344 ක් ලෙස වාර්තා වී තිබේ. සමාගමේ බදු පෙර ලාබය සියයට 380කින් වර්ධනය වී රු. මිලියන 1,920 ක් ලෙස වාර්තා වන අතර, මෙහෙයුම් ලාබය සියයට 60.3 කින් වර්ධනය වී රු. මිලියන 2,538 ක් ලෙස වාර්තා වී තිබේ. 
2025 පළමු කාර්තුවේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ Mobitel, එම කාර්තුව තුළ දත්ත සේවාවල වර්ධනය ඔස්සේ සිය ආදායම කැපීපෙනෙන ලෙස වර්ධනය කරගැනීමට සමත් වී ඇත. ඩිජිටල් සම්බන්ධතා සඳහා ඇති ඉල්ලු‍ම තුළින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට තමන් සතු හැකියාව පිළිබිඹු කරමින් Mobitel රු. බිලියන 11.8 ක සමස්ත අදායමක් වාර්තා කරගෙන තිබේ. ආදායම වර්ධනය වීම සහ පිරිවැය අවම කිරීමේ වැඩසටහන් සාර්ථක වීම හේතුවෙන් සමාගමේ ලාබදායීත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත. 
මෙහෙයුම් ඉපැයුම් ලාබය (EDITDA) සියයට 28.5 කින් ඉහළ යාම හේතුවෙන් සියයට 30 ක් වැනි යහපත් මෙහෙයුම් ඉපැයුම් ලාභාන්තිකයක් වාර්තා වී තිබේ. මෙහෙයුම් ලාබයද සියයට 392 කින් ඉහළ ගොස් ඇති අතර, මෙහෙයුම් ලාභාන්තිකය සියයට 7 ක් විය. බදු පසු ලාබය සැලකිය යුතු මට්ටමින් වර්ධනය වී ඇති අතර, සිය මූල්‍ය තත්වයේ පූර්ණ පරිවර්තනයක් සිදුකර ගනිමින්, 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ ශුද්ධ අලාභයට සාපේක්ෂව 2025 පළමු කාර්තුවේදී රු. මිලියන 477 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමාගම සමත් වී තිබේ. 
දීපව්‍යාප්තව උසස් ජාල අත්දැකීමක් සහතික කරන අතරම වඩාත්ම පුළුල් තලයේ ආවරණයක් ලබා දීම හේතුවෙන් Ookla® විසින් 2025 මාර්තු මාසයේදී පැවැත්වුණු Mobile World Congress Barcelona හිදී SLT-MOBITEL Mobile 2024 වසරේ ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස නම්කරන ලදී.
මේ ආකාරයට පළමු කාර්තුවේදී වාර්තා කරගත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල 2025 වසරේ සිය වර්ධනයයේ පදනම බවට පත්කර ගනිමින්, නව්‍ය විසඳුම් ඔස්සේ සිය ඩිජිටල් පරිවර්තන ගමන් මග තුළ අඛණ්ඩව ඉදිරියට යන අතරම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සිය සේවා තවදුරටත් පුළුල් කිරීම SLT සමූහයේ අරමුණ වී තිබේ. මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ඩිජිටල් තාක්ෂණික දියුණුව තුළින්, වෙළෙඳපොළ තත්වය ශක්තිමත් කරගැනීම සඳහා උසස් තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට අත්වැලක් වන අතරම සියලු‍ම පාර්ශ්වකරුවන් වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීම සඳහා SLT සමූහය කැප වී සිටී. 

 



අදහස් (0)

SLT-MOBITEL පළමු කාර්තුවේදී ලාබයේ ශක්තිමත් වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site