IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


SLT-MOBITEL සමාගම Hotel Sanira සමග අත්වැල් බැඳගනී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පිටකෝට්ටේ පිහිටා ඇති 3-star කාණ්ඩයේ හෝටලයක් වන Hotel Sanira සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. ඒ එම හෝටලයටSLT-MOBITEL Fibre  තාක්ෂණයෙන් බලගැන්වෙන PeoTV සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයන එකම බලයලත් සේවා සම්පාදක වශයෙනි. මෙම ගිවිසුමට පසුගියදා කෝට්ටේ ප්‍රාදේශීයTelecom  කාර්යාලයේදී අත්සන් තබන ලදී. 

SLT සාමාන්‍යාධිකාරී (ප්‍රාදේශීය ව්‍යාපාර - Metro) චේතන අත්තනායක සහHotel Sanira හි ප්‍රධාන විධායක නිලධාරී අජිත් රණසිංහ යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ. මෙම හවුල්කාරීත්වය Hotel Sanira  හි ගනුදෙනුකරුවන් වෙත හිමි වන ඩිජිටල් අත්දැකීම වැඩිදියුණු කරනු ඇති අතර, ඔවුන්ට රිසි සේ විනෝදාස්වාද හා අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ඇත. 

“SLT-MOBITEL හි අතිනවීන PeoTV සහ Fiber විසඳුම් ලබා දෙමින්, එහි ගනුදෙනුකරුවන්ට අසමසම අත්දැකීමක් සහතික කිරීම සඳහා Hotel Sanira සමග එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. මෙය නව්‍ය ඩිජිටල් විසඳුම් ඔස්සේ ව්‍යාපාර බලගැන්වීම සඳහා SLT-MOBITEL  දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් ශක්තිමත් කරන පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” SLT සාමාන්‍යාධිකාරී (ප්‍රාදේශීය ව්‍යාපාර - Metro) චේතන අත්තනායක මහතා පැවසීය. 

“අපගේ ගනුදෙනුකරුවන් අපගෙන් ඉහළම මට්ටමේ සේවාවක් අපේක්ෂා කරනවා. SLT-MOBITEL සමග ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය ඔස්සේ, ඔවුන් බලාපොරොත්තු වන ආකාරයේ උසස් තත්වයේ විනෝදාස්වාද සේවා සහ විශ්වාසදායක සම්බන්ධතා පහසුකම් ලබා දීමට අපට හැකි වේවි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ Hotel Sanira  වෙත පැමිණෙන අපගේ ගනුදෙනුකරුවන්ගේ සමස්ත අත්දැකීම වැඩිදියුණු කිරීම අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.” Hotel Sanira  හි ප්‍රධාන විධායක නිලධාරී අජිත් රණසිංහ මහතා පැවසීය. 

SLT-MOBITEL එහි උසස් PeoTVසහ  Fibre විසඳුම් සේවා හරහා ලංකාවේ ඩිජිටල් ජීවන රටාව වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් සිටී. PeoTV විවිධ දේශීය හා ජාත්‍යන්තර නාලිකා සහ අවශ්‍යතාව අනුව නැරඹිය හැකි අන්තර්ගතයන්  (On-demand content) සමගින් ඉහළම තලයේ විනෝදාස්වාදයක් ලබා දෙන අතර, SLT-MOBITEL  හි  Fibre  විසඳුම් අතිශය වේගවත් හා විශ්වාසනීය සම්බන්ධතාවක් පිරිනමයි. මේ සියල්ල තාක්ෂණික නවෝත්පාදනය සහ ඩිජිටල් අන්තර්කරණය සඳහා සමාගම දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කරන අතර, SLT-MOBITEL  විසින් ලාංකිකයන්ට රාජකාරි කටයුතු, අධ්‍යාප කටයුතු, විනෝදාස්වාදය සහ සුහුරු (Smart)  ජීවන රටාවන් සඳහා අවශ්‍ය ජාත්‍යන්තර තලයේ දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් සපයමින් ඔවුන් සවිබල ගන්වමින් සිටී. 

Hotel Sanira සමග ඇතිකරගත් මෙම ගිවිසුම, උසස් තාක්ෂණික විසඳුම් තුළින් ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා SLT-MOBITEL  දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක. 

Hotel Sanira යනු පිටකෝට්ටේ ප්‍රදේශයේ පිහිටි 3-star හෝටලයක් වන අතර එය වායුසමනය කරන ලද නවීන පහසුකම් සහිත කාමර 6 කින් මෙන්ම නොමිලේ ලබාදෙන Wi-Fi  සහ රථවාහන නැවැත්වීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය.



අදහස් (0)

SLT-MOBITEL සමාගම Hotel Sanira සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 694 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17846 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site