IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


SLIM SME Development Awards 2025 දී TIIKM ආයතනයට සම්මාන


නව අධ්‍යයන ක්‍රමවේද ඔස්සේ ගෝලීය දැනුම වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සිය දායකත්වය සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන TIIKM, පසුගිය දා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM) විසින් පවත්වන ලද SLIM SME Development Awards (SMEDA) 2025 සම්මාන උළෙලේ දී සේවා කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී.

රජයේ ප්‍රතිපත්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අතර පවතින හිස්තැන් සපුරාලමින් ගෝලීය දැනුම් ආර්ථිකය දියුණු කිරීම උදෙසා TIIKM විසින් සිදු කරන සුවිශේෂී කැපවීම පිළිබඳ මෙම සම්මානය කදිම සාක්ෂියකි. තායිලන්තය, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව, චීනය, පිලිපීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක් සමග සම්බන්ධ වෙමින් ජාත්‍යන්තර දැනුම සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය කිරීමට TIIKM කටයුතු කරයි.

ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල, අමාත්‍යාංශ, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම වෘත්තීය සංගම් ආදී ආයතන 400 කට අධික සංඛ්‍යාවකින් සමන්විත අන්තර්ජාතික ජාලයක සහයෝගීතාව සමග ගෝලීය වේදිකාව තුළ විශ්වසනීය මෙන්ම දැනුමින් සවිබල ගන්වන ප්‍රබල සංකේතයක් ලෙස TIIKM සිය සන්නාමය ගොඩනගාගෙන සිටියි. ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, ප්‍රකාශන, පර්‌යේෂණ සංවර්ධන වැඩසටහන් සහ අධ්‍යයන වැඩමුළු ආදී විවිධ වැඩසටහන් පෙළක් දියත් කරමින් සංවාද සහ නවෝත්පාදන පෝෂණය කරන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ඔවුහු කටයුතු කරති.

මේ පිළිබඳ අදහස් දක්වමින් TIIKM ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඕෂධී විතානවසම් මහතා මෙසේ සඳහන් කළේය. “මෙය අපට හිමිවූ තවත් එක් සම්මානයක් පමණක් නොවේ. 

එය දැනුම ජනතාව අතර බෙදා දීමට, හඬ සවිබල ගැන්වීමට සහ ශ්‍රී ලංකාව අධ්‍යයන සහ වෘත්තීය විශිෂ්ටත්වයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා වූ අපගේ දැක්ම වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයීමක්. රැකියා අවස්ථා, කුසලතා සංවර්ධනය සහ විදේශ විනිමය ආදායම් මගින් තිරසාර දේශීය වටිනාකමක් නිර්මාණය කරමින් ගෝලීය හවුල්කාරිත්ව ප්‍රවර්ධනය කිරීමට අපි නිරතුරුවම කැප වී සිටිනවා.” 

නව රැකියා අවස්ථා 100 ට අධික සංඛ්‍යාවක් ලබා දෙමින් සහ දැනුම පදනම් කරගත් අපනයන කටයුතු ඔස්සේ ඉහළ විදේශ ආදායමක් ශ්‍රී ලංකාව වෙත අත්පත් කර දෙමින් TIIKM සමාගම මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා සුවිශේෂී දායකත්වයක් සපයයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තීයමය උත්සව කළමනාකරණය පිළිබඳ වඩාත් විශ්වසනීය මෙන්ම විශිෂ්ට සේවයක් TIIKM හි උත්සව කළමනාකරණ අංශය වන TIIKM Events ඔස්සේ සිදු කෙරේ. අසමසම ප්‍රමිතිය, නිර්මාණාත්මක බව සහ ගෝලීය සහයෝගීතාව සහිත සන්නාමයක් ලෙස TIIKM Events කීර්තියට පත්ව ඇත.



අදහස් (0)

SLIM SME Development Awards 2025 දී TIIKM ආයතනයට සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site