IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


SLASSCOM කාන්තා ව්‍යවසායිකාවන් බලගන්වයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සඳහා ප්‍රමුඛයකු වන SLASSCOM- ආයතනය IFC (ජාත්‍යන්තර මූල්‍ය  සංස්ථාව) සහ ජපාන රජය සමඟ එක්ව තාක්ෂණික ක්ෂේත්‍ර යේ නිරත, කාන්තා ව්‍යවසායිකාවන් සම්ප්‍රදායෙන් බැහැරට ගෙන බලගැන්වීම ඉලක්ක කරගත් සුවිශේෂී තරඟයක් සංවිධානය කර තිබුණි.

'Hack like a Girl' ලෙස මෙම තරඟය සංවිධාන කර තිබුණේ තාක්ෂණික ව්‍යවසායිකාවන්ගේ දියුණුව වේගවත් කිරීමේ අරමුණින්. ඔවුන් හෙට දිනයේ පෙරළිකාර විසඳුමක් වෙනුවෙන් සූදානම් කිරීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ. සහභාගිවූවන්ට අන්තර්ජාල සැසිවාර සහ පුහුණු වැඩසටහන් හරහා ක්ෂේත්ර යේ ප්‍රවීණයන් සහ උපදේශකයින් සමඟ අන්තර් ක්‍රියාකාරකම් සඳහා ද අවස්ථාව හිමි වූ අතර එහිදී අදහස් හෝ සංකල්ප ගොඩනැගීම,වලංගුකරණය,වෙළඳ නාමකරණය,මූල්‍ය කළමනාකරණය සහ කුසලතා සංවර්ධනය වැනි විෂයන් පිළිබඳව දැනුම ලබා ගැනීමේ විශේෂ  අවස්ථාවක් ද ඔවුන්ට හිමි විය.  

මෙම සුවිශේෂී අවස්ථාව කාන්තා ක්‍රමලේඛිකාවන්ට (programmers) නව්‍ය අදහස් පුබුදුවාලීමට සහ ඒවා භාවිතයට අගනා ආරම්භයකි. තිහකට අධික සහභාගිවීම් වලින් යුතු වූ Hackathon තරඟයේ, අවසන් වටයට 15ක් සුදුසුකම් ලැබුහ. තොරතුරු තාක්ෂණ /BPM සමාගම්වල කාන්තා ක්‍රමලේඛිකාවන් මෙන්ම කලාප කිහිපයක දේශීය විශ්ව විද්‍යාල ආධුනික තාක්ෂණික ව්‍යවසායිකාවෝද ද මේ සඳහා සහභාගී වූහ.

Hackathon තරඟය හරහා, ඊට සහභාගිවන්නන්ට ඔවුන්ගේ තාක්ෂණික විශේෂඥතාව ප්‍රදර්ශනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ බාධක බිඳ දමමින් පෙරළිකාරී විසඳුම් නිර්මාණය කිරීමට ද හැකියාව ලැබේ. වැඩිදියුණු කල ජාලකරණයක් සහ තාක්ෂණික කාන්තාවන් අතර ශක්තිමත් සහයෝගීතාවක් සඳහා සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමට ද මෙමඟින් ලැබෙන හැකියාව විශේෂිතයි.

ජිනා රාජපතිරණ, අමිරා ගෆෝර්, ඉමේෂ් ලියනගේ, ක්රිටතිකා තුෂ්ය න්ත, ෆියෝනා නානායක්කාර, ෂහීකා සිරාජ්, අනෝජන් කනේෂතස්, තරිඳු දසනායක, ප්ර භාත් පෙරේරා, දිමූතු පොන්නම්පෙරුම, කවීන් මුහන්දිරම්ගේ, සංජීව පතිරණ,කෞශල්යාස බටවල සහ ඉස්මයිල් සහුර්දීන් වැනි ක්ෂේතයේ ප්‍රවීණයෝ අවසන් කණ්ඩායම් 15 ට උපදේශකත්වය ලබාදුන්හ.



අදහස් (0)

SLASSCOM කාන්තා ව්‍යවසායිකාවන් බලගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 352 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site