IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


SDB බැංකුව සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ‘නළ ජල දියවර’

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකත්වය සවිබල ගැන්වීමේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වනSDB බැංකුව පසුගියදා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹෙමින් නිවෙස්වලට සහ ව්‍යාපාර කටයුතු සඳහා ජල පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ජනතාවට රුපියල් 50,000 සිට ඉහළට ණය මුදල් ලබා ගැනීමට හැකි ‘නළ ජල දියවර’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නේය.

SDB බැංකුවේ පුද්ගලික ණය සහ ව්‍යවසායකයින් සඳහා වන දිවි සවිය ණය යෝජනා ක්‍රම හරහා මෙම ණය මුදල් ලබාගත හැකි අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වෙසෙන අයෙක්ට SDB බැංකුවේ ශාඛා 94 ක ජාලය හරහා මෙම ණය මුදල ලබා ගැනීමට හැකියාව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ පාරිභෝගික බැංකු කටයුතු අංශයේ ප්‍රධානී තීක්ෂණ පණ්ඩිතසේකර මහතා මෙසේ පැවසීය.

“අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සහ ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම ජාතික ආර්ථිකයේ වර්ධනය සමඟ ඍජුවම සම්බන්ධ කාරණාවක්. ජල පහසුකම් ලබාගැනීමට හැකිවීම සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම මූලික අවශ්‍යතාවයක්. නමුත් තවමත් මේ පහසුකම් ලබාගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් අති විශාල පිරිසක් සිටිනවා. ජනතාවට ඉතා සමීප, ඔවුන්ගේ අවශ්‍යතා සහ ඔවුන් මුහුණ දෙන අභියෝග හොඳින් හඳුනන බැංකුවක් වශයෙන් අපි මේ වෙනුවෙන් ඉදිරිපත් වීමට කටයුතු කළේ ඒ නිසායි. මේ හරහා දිවයින පුරා ජනතාවගේ ජීවන තත්ත්වය හා ව්‍යවසායකත්වය ඉහළ නැංවීමට අපට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

SDB බැංකුව විසින් හඳුන්වා දුන් මෙම ණය පහසුකම යටතේ ඕනෑම අයකුට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නළ පහසුකම ලබාගැනීම සඳහා දැරීමට සිදුවන වියදම ණය මුදලක් වශයෙන් ලබාගැනීමට හැකි වේ. ජල පහසුකම ලබාගැනීම හා සම්බන්ධ වන ඕනෑම වියදමක් ආවරණය කරගැනීම සඳහා මෙම ණය මුදල යොදා ගැනීමට පාරිභෝගිකයන්ට හැකි අතර ජල ටැංකි මිලදී ගැනීම, නළ එලීම සහ ඒ සම්බන්ධ අනෙකුත් වියදම්, නිවාසවල හා වැඩපොළවල නාන කාමර, මුළුතැන්ගෙයි අලුත්වැඩියාවන්, කෘෂිකාර්මික කටයුතු ආදී වශයෙන් වන ඕනෑම කටයුත්තක් මීට අයත් වේ.

නවීන බැංකුකරණ තාක්ෂණය ජනතාව අතරට ගෙන යාම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති SDB බැංකුව සිය Upay මොබයිල් ඇප් හරහා ජල බිල්පත් ගෙවන පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් ලබා දීමට ද කටයුතු යොදා ඇත.

ඡායාරූපය

SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම, ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග සහ එම ආයතනයේ උප සභාපති නිමල් රණවක යන මහත්වරු අවබෝධතා ගිවිසුම් අත්සන් තැබූ අවස්ථාව.



අදහස් (0)

SDB බැංකුව සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ‘නළ ජල දියවර’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 383 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 106 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site