IMG-LOGO

SABEA සම්මාන ත්‍රිත්වයක් පොට්ෆෝර්ම් සමාගමට

ප්ලාස්ටික් හා කඩදාසි ඇසුරුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන සීමාසහිත පෙට්ෆෝර්ම් පෞද්ගලික සමාගම දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2021 SABEA සම්මාන උළෙලේ දී නිෂ්පාදන කාණ්ඩයේ වසරේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරියා, විශිෂ්ටම නවෝත්පාදී ඇසුරුම් නිෂ්පාදක සමාගම, අර්බුදකාරී අවස්ථාවේ දී සැපයූ විශිෂ්ටම ව්‍යාපාර නායකත්වය යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය.

සම්මාන උළෙල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මොනෑෂ් ඉම්පීරියල් හෝටලයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. “ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන සැපයීම අපගේ මූලික අරමුණ බවට පත් කරගෙන කටයුතු කිරීම අපගේ සාර්ථකත්වයේ රහසයි. මේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ සමාගමේ කාර්ය මණ්ඩලයටත්, පාරිභෝගිකයන්ටත් මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” පෙට්ෆෝර්ම් කළමනාකර අධ්‍යක්ෂ පෙරින්පම් මදිදරන් මහතා පැවසීය.

දෙල්ගොඩ හා මල්වාන ප්‍රදේශවල කර්මාන්ත ශාලා 4ක 250කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් නිපැයුම් කටයුතු කරන පෙට්ෆෝර්ම් සමාගම එක්සත් රාජධානිය, සවුදි අරාබිය හා මාලදිවයින යන රටවලට නිපැයුම් අපනයනය කරයි. ප්ලාස්ටික් බෝතල් හා මූඩි  ඇතුළු ඇසුරුම් නිෂ්පාදනයට අමතරව කඩදාසි පදනම් කරගත් කෝප්ප, පිඟන් හා ඇසුරුම් නිපදවන පෙට්ෆෝර්ම් සමාගමට ISO 9001:2015 තත්ත්ව සහතිකය සහ SLS 1336  ප්‍රමිති සහතිකය ද හිමි වී ඇත.

එසේම සමාගම මේ වන විට ආහාර ආරක්ෂණ නියාමනය උදෙසා ISO 22000  තත්ත්ව සහතිකය ලබා ගැනීමට සියලු කටයුතු සුදානම් කරයි. මල්වාන ප්‍රදේශයේ කුඩා කම්හලක් වශයෙන් 2004දී ඇරැඹි පෙට්ෆෝර්ම් සමාගම වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ පූර්ණ ඇසුරුම් විසඳුම් සැපයීමේ දැවැන්තයා බවට පත්ව ඇත. භාණ්ඩයේ නැවුම් බව සුරකිමින් ඊට මනා පෙනුමක් ද සැපයීමට හැකි ඇසුරුම් විසඳුම් ඉදිරිපත් කිරීම සමාගමේ වර්ධනයට හේතු විය. හරිත නිෂ්පාදන සංකල්පය පෙරදැරි කරගත්  පෙට්ෆෝර්ම් සමාගමේ සියලු නිපැයුම් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකිවීම සුවිශේෂත්වයකි.

තවත් පියවරක් ඉදිරියට තබමින් කෘතීම අමුද්‍රව්‍ය වෙනුවට ස්වභාවිකවම වියෝජනය වන අමුද්‍රව්‍ය (HDPE Materials) යොදා ගෙන තෙල්, ඖෂධ, කෘෂි සහ විෂබීජනාෂක යන කර්මාන්තවල අවශ්‍යතා සඳහා ඇසුරුම් හඳුන්වා දීමට සමාගම කටයුතු කරයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

SABEA සම්මාන ත්‍රිත්වයක් පොට්ෆෝර්ම් සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 113 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 570 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site