IMG-LOGO

Russel’s Wellness සමාගමෙන් සෞඛ්‍යයට හිතකර තේ වර්ග රැසක්

Russel’s Wellness  සමාගම කාණ්ඩ පහක් යටතේ ශරීර සෞඛ්‍යයට හිතකර සුවිශේෂ තේ වර්ග රැසක් හඳුන්වා දෙයි. මෙය හඳුන්වා දීම ලොව පුරා ශරීර සෞඛ්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට අද්විතීය අත්දැකීමක් වනු ඇත. තේ වර්ග හඳුන්වා දීම කොළඹ අමාරි හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Richlife Dairies හා Shaw Wallace Ceylon සමාගම්වල අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සහ  Renuka Foods  සමාගමේ අධ්‍යක්ෂ නිශාන්ත ජයසූරිය මහතාත්, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන සේවා පිළිබඳ අධ්‍යක්ෂ ඉඳුමිණි කොඩිකාර මහත්මියත් සහභාගී වූ අතර දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගී විය.

Russel’s Wellness  වසර 38කට වැඩි කාලයක් පුරා තේ සහ කේටරින් සේවා සපයන  Russel’s Group සමාගමට අනුබද්ධ සමාගමකි. එම සමාගම දිනකට පිළිගන්වන තේ කෝප්ප ප්‍රමාණය 35,000කට අධික වේ. ආයතනයේ නිර්මාතෘ හා සභාපති රසල් පෙරේරාගේ සහ උපාය මාර්ග පිළිබඳ අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරාගේ නායකත්වයෙන්, අපනයන වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ අරමුණෙන්,  Russel’s Wellness  සමාගම ඇරැඹිණි. Russel’s Wellness  සමාගමේ නිෂ්පාදන අතර සිලෝන් හෙල්ත් සහ වෙල්නස් ටී, සිලෝන් ආර්ටිසන් ටී, පාරම්පරික ශාකසාර වට්ටෝරුවලින් නිපදවන තේ, සිලෝන් ෆයින් ටී, සිලෝන් ඕගනික් ස්පෙෂල්ටි ටී ප්‍රධාන වේ. මේ අතරින් තේ වර්ග තුනක් විවිධ සෞඛ්‍ය ගැටලු‍වලට විසඳුම් ගෙන දෙන බව විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළි වී ඇත. පාරම්පරික ශාකසාර වට්ටෝරු අනුසාරයෙන් සිදු කරන නිෂ්පාදන දේශීයව සහ ජාත්‍යන්තරව අලෙවියෙන් ලබන ආදායමෙන් කොටසක් ආදිවාසී ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කිරීමට වෙන් කෙරේ. 

 



අදහස් (0)

Russel’s Wellness සමාගමෙන් සෞඛ්‍යයට හිතකර තේ වර්ග රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site