IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


Richwin සමාගමට සම්මාන ද්විත්වයක්

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Richwin Investment and Credit පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම මූල්‍ය විසඳුම් සපයන සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. 
London Business Excellency ආයතනය පැවැත්වූ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී නව්‍ය මූල්‍ය සමාගම ලෙසද එම සමාගම සම්මානයට පාත්‍ර විය. සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ශානුක ප්‍රදීප් වෙත මෙම සම්මාන පිරිනමන ලදී.
Richwin Investment and Credit සමාගම පෞද්ගලික සහ ව්‍යාපාර අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය සේවා රැසක් සපයයි. ඒ අතර ව්‍යාපාර හා පෞද්ගලික ණය, ඉඩම්, වාහන හා චෙක් පත් ඇප මත දෙන ණය, රන් ණය, කණ්ඩායම් ණය ප්‍රධාන තැනක් ගනී. එම සමාගම හඳුන්වා දී ඇති ක්ෂුද්‍ර මූල්‍ය සේවා ලැබූ පාරිභෝගිකයන් රැසක් පසුගිය කාලය පුරා මූල්‍ය ස්වාධීනත්වය සහ ස්ථාවරත්වය ළඟා කර ගෙන තිබේ. ආයෝජන පිළිබඳව උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් වෙනුවෙන් පිළිගත් ගිවිසුම් සහතිකයක් සහිත, මාසික හෝ වාර්ෂික වශයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි ආයෝජන සැලසුම් රැසක් එම සමාගම හඳුන්වා දී ඇත. එම ආයෝජන මත පදනම්ව ණය මුදලක් ගැනීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.



අදහස් (0)

Richwin සමාගමට සම්මාන ද්විත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site