Prime සමූහ ව්‍යාපාරය, මෙරට දේපළ හිමිකාරීත්වය සුවිශේෂී අත්දැකීමක් බවට පත්කරන නවීනතම ඩිජිටල් සේවා එකතුවක් හඳුන්වා දී තිබේ. දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ සැපයුම්, ඉදිකිරීම්, ව්‍යාපෘති කළමනාකරණය සහ පාරිභෝගික සේවා කටයුතු ඇතුළු සියලු අංශ ඩිජිටල්කරණය කිරීමේ දීර්ඝ ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.
දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විවිධ අංශවලට අදාළ ඩිජිටල් විසඳුම් හා සේවා මීට පෙරද වෙළෙඳපොළේ පැවතිණි. මෙහිදී Prime සමූහයේ විශේෂත්වය වන්නේ, එම විසඳුම් සියල්ල එකිනෙක සම්බන්ධ කරන කාර්යක්ෂම ඩිජිටල් සේවා පද්ධතියක් නිර්මාණය කිරීමය.
ලංකාවේ ප්‍රථම වරට දේපළ වෙළෙඳාම් කටයුතු සම්බන්ධ විමසීම් සඳහාම වෙන් වූ ඉලක්කම් හතරක ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දෙන ලද්දේද Prime සමූහය විසිනි. මෙම ක්ෂණික ඇමතුම් සේවාව මගින් පාරිභෝගිකයන්ට දේපළ සම්බන්ධයෙන් අවශ්‍ය වන තොරතුරු, මගපෙන්වීම් හා සහයෝගය ඉතාමත් ඉක්මනින් ලබාදෙනු ලැබේ.
එමෙන්ම ලංකාවේ ප්‍රථම වරට DFC බැංකුවේ API බැංකුකරණ පදනම (iConnect) භාවිත කිරීම ආරම්භ කළ සමාගම වූයේද Prime සමූහ ව්‍යාපාරයයි. මෙමගින් DFCC බැංකුව හරහා Prime සමූහය වෙත ඩිජිටල් ක්‍රමයට ගෙවීම් කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වී ඇත.
එමෙන්ම Prime Edge mobile app හරහා පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් තම දේපළ සම්බන්ධ කටයුතු කළමනාකරණය කරගැනීමට අවස්ථාව සලසා දී ඇත.
දේපළ ආයෝජනයේ අනාගතය වෙනුවෙන් Prime සමූහය හඳුන්වා දී ඇති තවත් සුවිශේෂී විසඳුමකි Prime Bee. මෙමගින් AI තාක්ෂණය ඔස්සේ කෙටි පණිවිඩ සහ හඬ භාවිතා කරමින් පාරිභෝගිකයන්ට දේපළ කටයුතු සම්බන්ධයෙන් පුළුල් මගපෙන්වීමක් ලබාදෙනු ලැබේ. Prime Bee යනු වෙළඳපොළේ පවතින අවස්ථා හඳුනාගෙන දැනුවත්ව තීරණ ගැනීමටත්, තමන්ට අවශ්‍ය සහය ක්ෂණිකව ලබාගැනීමටත් පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දෙන සුවිශේෂී සේවාවකි.
Apartner (පුද්.) සමාගම සමග එක් වී 43 by the Seaනිවාස එකතුව වෙනුවෙන් Smart දේපළ කළමනාකරණ විසඳුම් එකතුවක් හඳුන්වා දීමටද Prime සමූහය පියවර ගෙන තිබේ. මෙමගින් එම නිවාසවල පදිංචිකරුවන්ට විශේෂ App එකක් හරහා බිල්පත් ගෙවීම සහ නඩත්තු කටයුතු ඇතුළු අවශ්‍යතා රාශියක් කළමනාකරණය කරගැනීමට හැකි වී ඇත.
මෙම නවෝත්පාදන හඳුන්වා දීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කරනුයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී රසික උදයංග මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන Prime සමූහයේ තොරතුරු තාක්ෂණ අංශයයි. එම අංශය විසින් SAP සහ Infrastructure කණ්ඩායම් හරහා මෙම නවෝත්පාදන ක්‍රියාවලිය මෙහෙයවනු ලබයි.
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Prime සමූහයෙන් දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට ඩිජිටල් සේවා පෙළක්