
Prime සමූහ ව්‍යාපාර දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා Rebuilding Sri Lanka අරමුදලට රු. මිලියන 200 ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා පියවර ගත්තේය. මෙය ලංකාවේ සමාගමක් විසින් මේ දක්වා එම අරමුදලට සිදුකරන ලද විශාලතම පරිත්‍යාග අතරින් එකක් ලෙස සැලකේ. සමාගමක් වශයෙන් මෙබඳු ජාතික ආපදාවකදී ජනතාවට යළි නැඟී සිටීමට අත්වැලක් වීම තම යුතුකම බව Prime සමූහය දැඩි ලෙස විශ්වාස කරයි.
Prime සමූහය කවදත් මෙරට අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා තම දායකත්වය හැකි උපරිමයෙන් ලබාදෙන සමාගමකි. රටේ ජනතාව සහ එහි අනාගතය වෙනුවෙන් එම පහසුකම් නගාසිටුවීමට සහය වීම තම වගකීමක් ලෙස Prime සමූහය සලකයි.
“සමාගමක් වශයෙන් සෞඛ්‍ය සේවාව අපගේ යුතුකමක් බවත්, අධ්‍යාපනය අපගේ වගකීමක් බවත් අප තරයේ විශ්වාස කරනවා. රටේ අනාගතය තීරණය වන්නේ ඒවා මතයි. මේ විශ්වාසය ඔස්සේ වඩාත් යහපත් හෙට දිනයක් වෙනුවෙන් රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට අප සෑමවිටම කැප වී සිටිනවා.” Prime සමූහ ව්‍යාපාරයේ සම-සභාපති සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.
මෙම කැපවීම නැවත වරක් තහවුරු කරමින්, ව්‍යසනයෙන් පීඩාවට පත් පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අත්වැලක් වීම සඳහා නව පාසල් වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 10 ක වටිනාකමකින් යුත් පාසල් පොත් සහ උපකරණ කට්ටල නොමිලේ ලබාදීමට Prime සමූහය කඩිනමින් පියවර ගත්තේය. මෙවැනි ආපදා තත්ව හමුවේ තම ආරක්ෂාව පවා නොතකමින් ජනතාවගේ ආරක්ෂාව උදෙසා පෙරට එන ඉදිරි පෙළ නිලධාරීන්ගේ යහපත වෙනුවෙන් Prime සමූහය කවදත් කැප වී සිටී.
එමෙන්ම කෑගල්ල ප්‍රදේශයේ වකුගඩු රෝගීන් මුහුණ දුන් දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් කෑගල්ල රෝහලට රු. මිලියන 8.2 ක වටිනාකමකින් යුත් රුධිර කාන්දුපෙරණ (Dialysis Machines) උපකරණ පරිත්‍යාග කිරීමටද Prime සමූහය කටයුතු කළේය. මෙමගින් කෑගල්ල ප්‍රදේශයේ වකුගඩු රෝගීන් වැඩි පිරිසකට අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා ලබාගැනීමට හැකි වනු ඇත.
තවද පිළිකා රෝගීන්ට උසස් ප්‍රතිකර්ම විසඳුම් ලබාදීමේ අරමුණින් අපේක්ෂා රෝහලට මිලියන 65 ක වියදමකින් රසායනික කාන්දුවීම්වලින් ආරක්ෂා වීමේ හැකියාව සහිත විශේෂිත විකරණ Bunker එකක් (Radiation bunker with chemical non-leak protection) ලබා දීමටද Prime සමූහය සැලසුම් කර තිබේ. මෙම උපකරණය නොමැතිව Linear Accelerator යන්ත්‍ර නිසි ලෙස ක්‍රියාත්මක කළ නොහැක. මෙමගින් විකිරණ ප්‍රතිකාර සඳහා බලා සිටිය යුතු කාලය අවම වන නිසා ජීවිත රැසක් බේරාගැනීමට හැකි වනු ඇත.
මීට අමතරව කළුබෝවිල රෝහල වෙත පැමිණෙන රෝගීන්ගේ යහපත වෙනුවෙන් Prime සමූහය විසින් කලක පටන් එම රෝහලේ 38 වැනි වාට්ටුවේ නඩත්තු කටයුතු සිදුකරනු ලබයි.
‘‘සැබෑ නායකත්වය මනිනු ලබන්නේ අප ජනතාවගේ ජීවිතවලට සිදුකරන යහපත සහ ප්‍රජාව තුළ ඇතිකරන බලාපොරොත්තු අනුවයි. ව්‍යාපාරයක් සාර්ථක වීමට නම් ජනතාව ආරක්ෂා කරන අතරම රටේ යහපැවැත්මට දායක විය යුතු බවත්, ඔවුන්ට සේවා ලබාදීමෙන් නොනැවතී සිතේ සැහැල්ලුව සමගින් සැමට දීප්තිමත් අනාගතයක් උදා කර දිය යුතු බවත් අප විශ්වාස කරනවා. Prime සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය.
COMMENTS