IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


Pink Auto දෙවැනි වරටත් BWIO සම්මාන දිනයි


මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නකු වන Pink Auto Shop සමාගම Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහනDetailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2019දී ඇරැඹූ Pink Auto Shop වාහන Detailing ක්ෂේත්‍රයට අදාළ සියලු‍ සේවා සපයයි. 

Pink Auto Shop ආයතනය ISO සහතික ලත් Detailing සේවා සපයන ආයතනයකි. ඉතාලියේ RUPES, එක්සත් රාජධානියේ Gtechniq, අමෙරිකා එක්සත් ජනපදයේ STEK හා JAX WAX සහ චීනයේ SGBC වැනි ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාම සමග එකතු වී ඇති Pink Auto Shop වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. Pink Auto Shop විසින් ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල ශ්‍රී ලංකාවේ එකම වාහන Detailing සේවා මධ්‍යස්ථානය BigFoot නමින් 2019දී ඇරැඹීය. ලංකාවේ කාන්තා පාර්ශ්වයටද මෙම ක්ෂේත්‍රය ප්‍රථම වරට විවෘත කරමින් රැකියා අවස්ථා බිහි කිරීමට Pink Auto Shop කටයුතු කර ඇත.

ඔවුන්ට අනුබද්ධ සමාගමක් වන Pink Academy වාහන Detailing පිළිබඳ ඉහළ පිළිගැනීමක් සහිත අධ්‍යාපන පාඨමාලා රැසක් හඳුන්වා දී ඇත. එය තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ඇති අතර NVQ සිව් වැනි අදියරේ සහතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් RUPES සහතික පිරිනමයි. වසර හතක් වැනි කෙටි කාලයකදී සුවිශේෂ දියුණුවක් ලැබූ Pink Auto Shop දෙවැනි ශාකාව දකුණු ආසියාවේ විශාලම වාහන Detailing මධ්‍යස්ථානය වේ. ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් කරමින් ඕනෑම වාර ගණනක් නොමිලේ වාහන Wash, Vacuum, Wax කර ගැනීමේ අවස්ථාව Pinkfinity හරහා සිය විශ්වාසනීය පාරිභෝගිකයන්ට උදා කර දීමට Pink Auto Shop කටයුතු කර ඇත. නව්‍යකරණය සහ නිර්මාණශීලිත්වය අගයන ඔවුන් මෙරට වඩාත් ජනප්‍රිය මෝටර් රථ ප්‍රදර්ශනයක් වන The Pinkfest ඇතුළු ඉසව් රැසක් හඳුන්වා දී තිබේ. Pink Auto Shop ශාකා කෝට්ටේ හා මාදිවෙල නගරාසන්නයේ පිහිටා ඇත.



අදහස් (0)

Pink Auto දෙවැනි වරටත් BWIO සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 702 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17876 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site