IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


PayMedia සමාගම සමස්ත රන් සම්මානය ඇතුළු NBQSA සම්මාන තුනකින් පිදුම් ලබයි

PayMedia පෞද්ගලික සමාගම National Best Quality Software (NBQSA)  2025 සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගත් අතර BoC Flex  ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ජංගම දුරකථන මෘදුකාංග යෙදවුම බවට පත් විය. ඔවුන්ගේ Digital Wallet විසඳුමට බැංකු සහ මූල්‍ය අංශය යටතේ කුසලතා සම්මානයත්, BoC Flex  ජංගම දුරකතන යෙදවුමට Digital Government අංශය යටතේ රන් සම්මානයත් හිමි විය. මෙය කුඩා පරිමාණ ව්‍යාපාරයක පටන් ජාතික මට්ටමේ මූල්‍ය තාක්ෂණ සමාගමක් දක්වා PayMedia සමාගම පැමිණි ගමන් මගේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මූල්‍ය තාක්ෂණය සහ ස්වයංක්‍රීය ගෙවීම් යන අංශවල සැබෑ වෙනසක් ඇති කිරීම දැක්ම කර ගත් PayMedia සමාගම ආරක්‍ෂිත සහ සරල ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා කැප වී සිටී. 
පසුගිය කාලය තුළ ප්‍රධාන පෙළේ බැංකු සහ මූල්‍ය ආයතන රැසක විශ්වාසනීය ඩිජිටල් සහකරු බවට පත් වීමට එම සමාගමට හැකි විය. BoC Flex  වෙත ලැබුණු සමස්ත රන් සම්මානය සහDigital Government  අංශය යටතේ ලැබුණු රන් සම්මානය නව්‍යකරණය සඳහා ඔවුන් සතු කැපවීම සහ ජාතික වශයෙන් ඔවුන් ඇති කර ඇති ධනාත්මක බලපෑම පිළිබිඹු කරයි. විනයගරුකභාවය, කණ්ඩායම් හැඟීම, පර් යේෂණ සඳහා වන කැපවීම, ජනතාව පළමු කොට සැලකීම, නිර්මාණාත්මකභාවය, වගකීම්සහගතභාවය ඇතුළු බොහෝ දේ මෙම ජයග්‍රහණ සඳහා හේතු වී තිබේ. උසස් දැක්මක් සහිත අධ්‍යක්ෂ මණ්ඩලයක මග පෙන්වීම යටතේ විශ්වාසනීය මූල්‍ය තාක්ෂණ සහකරුවකු ලෙස අඛණ්ඩව විශිෂ්ට සේවාවක් සැපැයීම එම සමාගමේ අරමුණයි. පසුගිය කාලය තුළ ඔවුන් ISO 9001:2015, PCI DSS, ISO 27001  ඇතුළු දෙස් විදෙස් තත්ත්ව සහතික රැසක් දිනා තිබේ. 160කට වැඩි වෘත්තිකයන් පිරිසකගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකට හිමිකම් කියන එම සමාගම මෙරට ඩිජිටල් අනාගතය තුළ ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීමට කැප වී සිටී. ඩිජිටල් පරිවර්තනයකින් මෙරට අභිවෘද්ධිය සඳහා සාධනීය දායකත්වයක් සැපැයීම සහ ඩිජිටල් ආර්ථිකයයේ නිම් වළලු‍ පුළුල් කිරීම ඔවුන්ගේ අරමුණයි.



අදහස් (0)

PayMedia සමාගම සමස්ත රන් සම්මානය ඇතුළු NBQSA සම්මාන තුනකින් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site