Pasans Rent a Car පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කුලී රථ සහ සංචාරක සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය පසන් නලින්ද හිරිපිටියගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
2002දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Pasans Rent a Car වර්තමානයේදී මෙරට සංචාරක සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේ සන්නාමයක් බවට පත් වී තිබේ. මාලඹේ පිහිටි එම ආයතනය පෞද්ගලික පාරිභෝගිකයන්, සංචාරකයන්, පෞද්ගලික ආයතන සහ රජයේ සංස්ථා, මණ්ඩල, අමාත්‍යංශ ඇතුළු පාර්ශ්ව රැසකට වාහන සපයයි.
Pasans Rent a Car සතුව දෛනික හෝ මාසික කුලී පදනම මත ගත හැකි කාර්, වෑන්, බස්, ලොරි, අනෙකුත් සුඛෝපබෝගී වාහන රැසක් තිබේ. පාරිභෝගිකයන්ට තමන්ම වාහනය පැදවීම හෝ පළපුරුදු රියැදුරෙකු සමඟ වාහනය ගැනීම යන දෙකෙන් එකක් තෝරා ගත හැකිය. ඔවුන් සතු 130කට අධික වාහන අතරට Toyota Aqua, සුඛෝපබෝගී SUV, ආසන 30-33 බස් ඇතුළු සියලු වාහන ඇතුළත් වේ. එම සමාගම ගුවන්තොටුපොළේ සිට සංචාරකයන් රැගෙන ඒම සහ දිවයින පුරා සංචාරක සේවා සැපයීමද සිදු කරයි. ඔවුන් බහුජාතික සමාගම් පිරිනැමූ සම්මාන රැසක්ද දිනා තිබේ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Pasans Rent a Car තායිලන්තයේදී Iconic සම්මාන දිනයි