IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


OTTO නාන කාමර උපාංගවලට SLS තත්ව සහතිකය

මෙරට නාන කාමර උපාංග නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයා වන OTTO Bathware ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන Sri Lanka Standards (SLS) තත්ව සහතිකය හිමි කර ගනී. OTTO නාන කාමර උපාංග ආරක්ෂාව, කල් පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය යන සෑම අංශයකින්ම පරිපූර්ණ බව ඒ තුළින් තහවුරු වේ. 
වසර 30ක නිෂ්පාදන අත්දැකීම් සහිත OTTO Bathware, ADI සමූහය යටතේ ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ වර්ග අඩි 435,000ක නවීන කර්මාන්තශාලාව බණ්ඩාරගම පිහිටා ඇත. දකුණු ආසියාවේ විශාලතම සෙරමික් විසිතුරු නිෂ්පාදකයා සහ අපනයනකරු වන එම සමාගම මෙරට දෙවැනි විශාලම නාන කාමර උපාංග නිෂ්පාදකයා වේ. දිවයින පුරා 500කට අධික පිරිසක් OTTO නාන කාමර උපාංග අලෙවි කරති. 
ඇතැම් නාන කාමර උපාංග නිෂ්පාදකයන් පිරිවැය අඩු කිරීමට ඒවායේ බර, පිළිස්සීම අඩු කිරීම බරපතළ ගැටලු‍වකි. එයින් නිෂ්පාදනවල ශක්තිමත්භාවයට සහ කල් පැවැත්මට බලපෑමක් වේ. උසස් තත්වයේ නාන කාමර උපාංග නිෂ්පාදනයට අත්‍යවශ්‍ය සාධක දෙකක් වන්නේ අමුද්‍රව්‍ය සහ LP ගෑස්ය. 1240Coක ඉහළ උෂ්ණත්වයක් නාන කාමර උපාංග නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වේ. බරින් අඩු නිෂ්පාදන අඩු උෂ්ණත්ව යටතේ නිෂ්පාදනවලින් සියුම් ඉරිතැලීම් ඇති විය හැකිය. කොමඩ්වල ජලය රැඳී තිබෙන බැවින් මෙම ඉරිතැලීම් තුළට ජලය කාන්දු වන අතර අවසානයේ ඒවා කැඩී යයි. එවැනි කැඩී යාමකදී තියුණු සෙරමික් කැබලි, රසදිය Lead (Pb) සහ කැඩ්මියම් Cadmium (Cd) වැනි හානිකර රසායනික ද්‍රව්‍ය නිසා බරපතළ තුවාල සිදු විය හැකිය. නාන කාමර උපාංගවල බර දරා ගැනීමේ ධාරිතාව, පීඩන ප්‍රතිරෝධය, කාන්දුවීම්, ෆ්ලෂ් කිරීමේ ක්‍රියාකාරිත්වය, රසායනික ප්‍රතිරෝධය සහ වෙනත් දෝෂ පිළිබඳව පුළුල් පරීක්ෂණ කරමින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කැප වී සිටී.



අදහස් (0)

OTTO නාන කාමර උපාංගවලට SLS තත්ව සහතිකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site