භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී ඇඟලුම් නිෂ්පාදන අලෙවි සමාගමක් වන ODEL PLC සමාගම මුහුණ දී ඇති කාරක ප්‍රාග්ධන අහිමි වීමේ ගැටලුවට විසදුම් ලෙස පියවර කිහිපයක් ගැනීමට කටයුතු කරන බව ODEL PLC සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා පවසයි.
පසුගියදා ජනවාරි 02 වැනිදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කර තිබේ. මෙහිදී අදාළ ප්‍රාග්ධන තත්වය සම්බන්ධයෙන් සකස් කෙරුණු ස්වාධීන විගණන වාර්තාව අනුව මෙම පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව මෙම විසදුම් ලෙස වඩාත් හොඳ අලෙවිකරණ උපායමාර්ගයක් යොදා ගනිමින් දේශීය සහ ජාත්‍යන්තර පාරිභෝගික පැමිණීම් ඉහළ දැමීම සැලසුම වී තිබේ. ඒ අතරම වට්ටම් ක්‍රමවේද දියත් කිරීම, පාරිභෝගික කැමැත්ත රඳවා තබා ගැනීම සඳහා “ලෝයල්ටි“ වැඩසටහන් මෙන්ම අනාගත මුදල් ප්‍රවාහ වර්ධනය වෙනුවෙන් ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීමද මේ අතර පවතී.
එසේම දැනට ODEL PLC වෙත ණය ලබා දී තිබෙන ආයතන සමගින් එම ණය ආපසු ගෙවීම පිළිබඳ නැවත-එකඟතාවකට පැමිණීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිම දෙවැනි පිළියම වෙයි.
තෙවැනි පිළියම ලෙස ODEL PLC අයත් සොෆ්ට්ලොජික් සමූහය මගින් සිය මූලික ව්‍යාපාර අවස්ථා වෙත අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා විකල්ප ක්‍රමවේද සොයා බැලීමත් සිදු කිරීමට නියමිතව ඇත.
මීට අමතරව අඩු කාර්යසාධනයක් සහිත අලෙවිසැල් වසා දමමින් සමාගමෙහි මෙහෙයුම් පිරිවැය අවම කිරීමත්, ඒවායේ ඇති භාණ්ඩ ඉහළ කාර්ය සාධනයක් සහිත අලෙවිසැල් වෙත යොමු කරවීමට පියවර ගැනීමත් තවත් විසඳුමකි. මේ හරහා ආදායම් ඉහළ නංවමින්, මුදල් ගලා ඒම වැඩිදියුණු කිරිම සහ කාරක ප්‍රාග්ධන තත්වය ඉහළ නැංවීමත් අරමුණ බව සමාගම පවසයි.
2023/24 මූල්‍ය වර්ෂය සඳහා ODEL සමාගම රුපියල් බිලියන 7.3 ක වාර්තාගත ආදායමක් රැස් කරගැනීමට සමත් විය. එය පෙර මූල්‍ය වර්ෂයේ රැස්කරගත් රුපියල් බිලියන 8.25ට සාපේක්ෂව සියයට 12ක පසුබැසීමකි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ODEL යලි ගොඩගැනීමට විසදුම් යෝජනා