IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


NKAR සමාගමට සංචාරක සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන තුනක්

2024 ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී NKAR සන්නාමය ප්‍රධාන සම්මාන තුනකින් පිදුම් ලැබීය. වසර 45ක ඉතිහාසයක් ඇති NKAR සන්නාමය මෙරට සංචාරක සේවා සපයන ආයතන අතර ප්‍රධාන සන්නාම 5 අතර රැදී සිටින ප්‍රමුඛතම ආයතයකි. 

ආරම්භයේ පටන් මේ දක්වා සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා එම සමාගම ඉටු කර ඇති සේවය අගයමින් මෙම සම්මාන පිරිනැමිණි. සංචාරක ක්ෂේත්‍රයට සහ රටට සිදු කර ඇති සේවය අගයමින් NKAR සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ නිල්මින් නානායක්කාර මහතාට Tourism Legend / Pioneer සම්මානය පිරිනැමිණි. 

1980දී ඇරැඹූ එම සමාගම මෙරට ප්‍රමුඛතම සමාගමක් බවට පත් වීමට ඔහුගේ දැක්ම සහ උපායමාර්ගික සැලසුම් ප්‍රධාන වශයෙන් ඉවහල් විය. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ (SLAITO) සභාපති ධුරය දරන සමයේ ඔහු ඇරැඹූ ‘සංචාරක උදාව’ මෙරට විශාලම සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනය වේ. 

හොඳම සංචාරක සේවා කළමනාකරණ ආයතනය (මධ්‍යම පරිමාණ අංශය) සම්මානය දෙවැනි වරටත් අඛණ්ඩව දිනා ගැනීම NKAR ආයතනයේ සේවාවල ඉහළ ප්‍රමිතිය පිළිබඳ සාධකයක් වේ. විදේශීය පාර්ශ්ව සමඟ දීර්ඝකාලීන හවුල්කාරිත්ව ඇති කර ගෙන තිබෙන NKAR ආයතනය, විශිෂ්ට හා ගුණාත්මක සේවාවක් සැපයීම, ඉහළ ප්‍රමිති සඳහා වන කැපවීම, පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව ප්‍රමුඛ කර සැලකීම අගයමින් මෙම සම්මානය පිරිනැමිණි. මිට වසර 10කට පෙර NKAR ආයතනයේ 35 වැනි සැමරුමේදී නානායක්කාර මහතා ප්‍රකාශ කළ, ආයතනය නව තාක්ෂණය සමග නව දැක්මකට අවතීර්ණ වීම සනාථ කරමින් වසර 10කට පසු 45 වැනි සැමරුමට පිය නගන විට, ආයතනයට ලංකාවේ හොඳම ඩිජිටල් සංචාරක ප්‍රවර්ධනයට හිමි සම්මානය ලැබීම විශාල ජයග්‍රහණයකි. එමෙන්ම මෙම ප්‍රවර්ධන ව්‍යාපෘති ජාත්‍යන්තර අවධානය දිනා ගත් ව්‍යාපෘති වේ. පසුගිය කාලය පුරා NKAR අයතනය සේවා සැපයීමේදී ලබා ඇති තාක්ෂණික දියුණුව, වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෙන්ම NKAR කණ්ඩායමට පහසුවෙන් තම කාර්යය ඉටු කිරීමට මහත් රුකුලක් වී ඇත.

COVID සමයේදී ආයතනයේ තාක්ෂණික පද්ධති අලු‍ත් කිරීමද විශේෂ වේ. මෙම සම්මාන තුන, ආයතනයේ ප්‍රධාන සාධක 3ක් වන නායකත්වය, ප්‍රමිති හා ප්‍රතිපත්ති සහ නවෝත්පාදන උපාය මාර්ගවල උසස් තත්වය පිළිබිඹු වන සාධක වේ.

 



අදහස් (0)

NKAR සමාගමට සංචාරක සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site