IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


 NDB බැංකුවට 2024 ජාතික විකුණුම් සම්මාන 8ක්

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)  විසින් සංවිධානය කරන ලද ජාතික අලෙවි සම්මාන (NSA)  2024 උළෙලේදී NDB  බැංකුව සුවිශේෂී ජයග්‍රහණ රැසකින් පිදුම් ලැබීය. බැංකුවේ අලෙවි කණ්ඩායම මෙවර සම්මාන උළෙලේ දී සම්මාන අටක් ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.
එදින සම්මාන රාත්‍රියේ විශේෂත්වය වූයේ කසුන් ජයවර්ධන සමස්ත ජාතික විකුණුම් කළමනාකරු සඳහා වූ රන් සම්මානයට හිමිකම් කියමින් විකුණුම් සඳහා ඔහුගේ නායකත්වය සහ විශිෂ්ට දායකත්වය විදහා දැක්වීමයි. ඉදිරි-පෙළ බැංකු අංශය සඳහා නෙත්මි කුමාරිහාමි රන් සම්මානය දිනාගත් අතර කවීශා වීරසිංහ රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේ බැංකු කටයුතුවල ඉදිරියෙන්ම සිටින සුවිශේෂී සේවාවක් ඉටුකිරීමට ඔවුන් දැක්වූ කැපවීම පිළිබිඹු කරමිනි.
NDB  බැංකුවේ සාර්ථකත්වය තවදුරටත් ඉහළ නංවමින් ඉරේෂා ජයසිංහ විකුණුම් අධීක්ෂක බැංකු අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර එස්.වසන්තන් එම අංශයේ විශිෂ්ට කාර්ය සාධනය සහ කණ්ඩායම් නායකත්වය වෙනුවෙන් ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ප්‍රාදේශීය විකුණුම් කළමනාකාරිත්වයේ ප්‍රවීණත්වය සහ උපාය මාර්ගික ඥානය වෙනුවෙන් චමිල් බණ්ඩාර මහතා ප්‍රාදේශීය කළමනාකරු බැංකු අංශයෙන් රන් සම්මානය දිනා ගත්තේය.
මෙයට අමතරව නිරෝෂන් ගමගේ විකුණුම් විධායක බැංකු අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර ප්‍රවීන් සෙනෙවිරත්න ප්‍රාදේශීය විකුණුම් කළමනාකරු සඳහා වන ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබුවේ NDB  බැංකුවේ විශිෂ්ට විකුණුම් කණ්ඩායමේ ශක්තිය, ස්ථාවරත්වය සහ හැකියාව තවදුරටත් ඉස්මතු කරමිනි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් NDB  බැංකුවේ විකුණුම් අංශයේ සහකාර උප සභාපති සමීර සෙනරත් මහතා, කණ්ඩායමේ අඛණ්ඩ සාර්ථකත්වය පිළිබඳව තම සතුට පළ කරමින් මෙසේ ප්‍රකාශ කළේය. ‘මෙම සම්මානවලින් පිළිබිඹු වන්නේ අපගේ සුවිශේෂී විකුණුම් කුසලතා වර්ධනය කිරීමට සහ හඳුනා ගැනීමට NDB  බැංකුව දක්වන නොසැලෙන කැපවීමයි. අපගේ කණ්ඩායමේ සාමාජිකයන් විසින් පෙන්නුම් කරන ලද කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම අපගේ ගනුදෙනුකරුවන් අතර විශ්වාසය ඉහළ නංවන අතර බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සාමාජිකයකු ලෙස අපව ඉදිරියට ගෙන යයි’’ 
ජාතික විකුණුම් සම්මාන උළෙල (NSA) , එහි 22 වන වසරක ඉතිහාසය තුළ, ඉහළ කාර්ය සාධනයක් ඇති විකුණුම් වෘත්තිකයන්ගේ ජයග්‍රහණ ඇගැයීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් ලෙස පිළිගනු ලබයි. SLIM ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ගෞරවනීය සම්මාන උළෙල විකුණුම් අංශයේ විශිෂ්ටත්වය සඳහා නව සීමා මායිම් සලකුණු කරන අතරම තම ආයතන තුළ සාර්ථකත්වයට පත් වෙමින් තම භූමිකාවන්හි විශිෂ්ටත්වය දැක්වූ විශිෂ්ට සාමාජිකයන්ට ගෞරවය පිරිනැමීම සිදු කරයි.



අදහස් (0)

 NDB බැංකුවට 2024 ජාතික විකුණුම් සම්මාන 8ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site