IMG-LOGO

NDB බැංකුව සහ WNPS තරුණ අංශය එකතුවෙන් ‘සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ පුරවැසි විද්‍යා වැඩමුළුවක්

NDB බැංකුව, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ (WNPS)  තරුණ අංශය සමග එක්ව,ිසංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ ව්‍යාපෘතියේ අවසාන පරිච්ජේදය සාර්ථකව අවසන් කළේය 2025 අප්‍රේල් 1 සිට 3 දක්වා රූනකන්ද වැසි වනාන්තර මධ්‍යයේ දී පැවත්වුණු මෙම වටිනා පුරවැසි විද්‍යා ක්ෂේත‍්‍ර වැඩමුළුව, පරිසර හිතකාමී තරුණ පරම්පරාවක් පෝෂණය කිරීමේ අරමුණින් සංවිධානය කර තිබිණි.
බදුරලිය මහා විද්‍යාලය, දික්හේන කනිෂ්ඨ විද්‍යාලය, කඹුරාවල මහා විද්‍යාලය, ඉඟු‍රුදළුව කනිෂ්ඨ විද්‍යාලය සහ හැඩිගල්ල ශ‍්‍රී විපුලසිරි කනිෂ්ඨ විද්‍යාලය ඇතුළු බදුරලිය ප‍්‍රදේශයේ පාසැල් 05ක සිසුන් සහ ගුරුවරුන් 150 කට අධික පිරිසක් මෙම සුවිශේෂී අත්දැකීම බෙදා හදා ගැනීමට එක්වූහ. මෙම වැඩමුළුව හුදු අධ්‍යාපනික විනෝද චාරිකාවක් ලෙස පමණක් නොව, ක්ෂේත‍්‍ර දැනුම පාදක කරගත් විද්‍යාත්මක නිරීක්ෂණ හරහා පරිසර සංරක්ෂණය සඳහා ක්‍රියාකාරී පුරවැසියන් බවට පත්වීමට සහභාගිවූ පිරිසට අවස්ථාව හිමිකර දුන් ආකර්ශණීය ගවේෂණයක් විය.
ජෛව විවිධත්වය, පරිසර පද්ධති පිළිබඳ දැනුවත්භාවය සහ විද්‍යාත්මක ලියකියවිලි පිළිබඳ මූලික මූලධර්ම පිළිබඳව වැඩසටහන සඳහා සහභාගී වූ සිසුන්ට මනා දැනුමක් ලබාදුන් අතර, වැසි වනාන්තරවල ඇති ශාක හා සත්ව විශේෂ නිරීක්ෂණය කිරීමේ සහ ඒවා වාර්තා කිරීමේ අත්දැකීමද ලබාදෙන ලදී. මෙම අත්දැකීම් සහිත අධ්‍යාපනයක් ලබාගන්නා අතරතුර එම සිසුන් ඔවුන්ගේ ප‍්‍රජාව තුළ සොබාදහම සුරැකීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන පුරවැසියන් පිරිසක් බවට ද පරිවර්තනය කළේය.
මෙම වැඩසටහන අතරතුර සුවිශේෂී අවස්ථාවක් ලෙස WNPS තරුණ අංශය විසින් වන සංරක්ෂණ අධ්‍යාපනයේ ජාතික වටිනාකමක් සහිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරවැසි විද්‍යා මෙවලම් කට්ටලය නිල වශයෙන් දියත් කිරීම සිදුවිය. මෙම මෙවලම් කට්ටලය සමස්ත ප‍්‍රජාවට සහ පාසල් වලට විද්‍යාත්මක දත්ත රැස් කිරීම සඳහා සහභාගී වීමට හැකියාව ලබා දෙන අතර, සංරක්ෂණය අධ්‍යයන පන්තිකාමරයේ අධ්‍යාපනයෙන් ඔබ්බට යන වගකීමක් බවට පත් කරයි.



අදහස් (0)

NDB බැංකුව සහ WNPS තරුණ අංශය එකතුවෙන් ‘සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ පුරවැසි විද්‍යා වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මෙරට කාන්තාවෝ ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථිකව අක්‍රියයි
2025 මැයි මස 14 16 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


මුල් මාස හතරේදී විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 18.3 කින් ඉහළට
2025 මැයි මස 14 18 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


පෞද්ගලික ව්‍යාපාර ණය රු.බි.173 ක් දක්වා වර්ධනයක්
2025 මැයි මස 14 8 0

පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1


සංචාරක ආදායම් සියයට 10.2 කින් ඉහළට
2025 මැයි මස 14 11 0

2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2


එලායන්ස් ෆිනෑස්ස් වෙතින් බිලියන 2ක සමාජ බැඳුම්කර නිකුතුවක්
2025 මැයි මස 14 8 0

එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි


සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළට
2025 මැයි මස 14 10 0

මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1376 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site