එම පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 71.1ක්
ඔවුන්ට රැකියාවක් කිරීමට හෝ රැකියාවක් සෙවීමට හෝ බලාපොරොත්තුවක් නෑ
රැකියාවක නියුතුවන වයසේ සිටින පිරිමි ලක්ෂ 26කට වැඩි පිරිසක්ද ආර්ථික වශයෙන් අක්‍රීයයි
පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය සමස්ත ජනගහනය මිලියන 9.23 ක්
2024 වසරේදී මෙරට ශ්‍රම බළකා සහභාගීත්වය සියයට 1.2 කින් පහළ ගිහින්
ආර්ථික වශයෙන් සක්‍රීය කාන්තාවන් වැඩිම පිරිසක් සිටින්නේ වවුනියා දිස්ත්‍රික්කයේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 39.99 ක්
විමුක්ති එස් රුද්‍රිගු
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ “2024 ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාව” අනාවරණය කළේය.
එම පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 71.1ක් බවත් ඔවුන්ට රැකියාවක් කිරීමට හෝ රැකියාවක් සෙවීමට බලාපොරොත්තුවක් නොමැති බවත් එම වාර්තාව හෙළි කළේය. එසේම මෙරට රැකියාවක නියුතුවන වයසේ සිටින පිරිමි ලක්ෂ 26කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවට අනුව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය සමස්ත ජනගහනය මිලියන 9.23 ක් වන අතර ඔවුන්ගෙන් මෙරට ශ්‍රම බළකායට කිසිම සහභාගීත්වයක් නොලැබේ.
2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය මිලියන 8.89 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය 334,001 කින් ඉහළ ගොස් ඇත. එසේම 2023 වසරේදී මිලියන 6.37 ක කාන්තාවන් පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයට අයත්ව සිටි අතර පසුගිය වසරේදී එය 185,398 කින් මිලියන 6.56 දක්වා ඉහළ ගොස් තිබිණ. 2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයෙන් මිලියන 2.52 ක් පිරිමි පුද්ගලයන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී ආර්ථික වශයෙන් අක්‍රීය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 148,602 කින් ඉහළ ගොස් ඇත.
“2024 ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවට” අනුව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය මිලියන 8.31 ක් වූ අතර ඔවුන් මෙරට ශ්‍රම බළකායට ලබාදී ඇති දායකත්වය සියයට 47.4 කි. 2023 වසරේදී මෙරට ශ්‍රම බළකා සහභාගීත්වය සියයට 48.6 ක් ලෙස සටහන් වී තිබූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ශ්‍රම බළකා සහභාගීත්වය සියයට 1.2 කින් පහළ ගොස් ඇත.
එම වාර්තාවට අනුව මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් වැඩිම පිරිස පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් මෙරට ශ්‍රම බළකා සහභාගීත්වයට පසුගිය වසරේදී සියයට 67.4 ක දායකත්වයක් ලබාදී ඇත. මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් මිලියන 5.52 ක් පිරිමි පුද්ගලයන්ය. මෙරට ශ්‍රම බළකා සහාභාගීත්වයට අඩුම දායකත්වය ලබාදී ඇත්තේ කාන්තාවන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 29.8 කි. පසුගිය වසරේ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් මිලියන 2.79 ක් කාන්තාවන්ය.
මෙරට සෑම දිස්ත්‍රික්කයම ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය තුළ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් සිටීම විශේෂත්වයකි. ආර්ථික වශයෙන් සක්‍රීය කාන්තාවන් වැඩිම පිරිසක් සිටින්නේ වවුනියා දිස්ත්‍රික්කයේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 39.99 කි. ආර්ථික වශයෙන් සක්‍රීය කාන්තාවන් අඩුම පිරිසක් සිටිනෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 16.8 ක ප්‍රතිශතයකි.
ශ්‍රී ලංකාවේ මිලියන 8.31 ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් සියයට 95.6 ප්‍රතිශතයක් එසේත් නැතිනම් මිලියන 7.94 ක් රැකියාවක නිරත වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එහිදී ආර්ථික වශයෙන් සක්‍රීය කාන්තාවන්ගෙන් සියයට 92.9 ක් සහ ආර්ථික වශයෙන් සක්‍රීය පිරිමින්ගෙන් සියයයට 97 ක් රැකියා නියුක්තිකයන් බවද එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
මෙරට රැකියාවේ නියුතු සියයට 95.6 ක ප්‍රතිශතයෙන් සියයට 58.8 ක ප්‍රතිශතයක් සේවකයන් බවත් සියයට 2.9 ක් සේවා යෝජකයන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එසේම තවත් සියයට 33.1 ක ප්‍රතිශතයක් ස්වයං රැකියාවල නිරතවන්නන් බවත් ඉතිරි සියයට 5.2 පවුලේ ව්‍යාපාරවලට දායකවන්නන් බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ඒ අනුව පසුගිය වසරේදී මෙරට විරැකියා අනුපාතය සියයට 4.4 ක් බවත් ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් 365,951ක් පිරිසක් රැකියා නොකරන බවත් ඉන් වැඩිම පිරිස සියයට 7.1 ක් කාන්තාවන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මෙරට විරැකියා අනුපාතව වැඩිම පළාත දකුණු පළාත බවත් එම පළාතේ විරැකියා අනුපාතය සියයට 6 ක් බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය. මෙරට විරැකියාව වැඩිම දිස්ත්‍රික්කය මොණරාගල බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 7 ක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
එසේම නගරබද, ග්‍රාමීය සහ වතුකර අංශ සැලකිල්ලට ගත්විට ඉහළම විරැකියා අනුපාතයක් තිබෙන්නේද වතුකරයේ බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 5.4 ක් බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
මෙරට රැකියාවක් කිරීමට කැමති නමුත් රැකියාවක් නොකරන 171,238 ක්වූ වැඩිම පිරිසක් අධ්‍යාපන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගය සමත්වූ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබෙන අයවලුන් බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මෙරට කාන්තාවෝ ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථිකව අක්‍රියයි