IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


MBSL වෙතින් රු.බි.1ක ණයකර නිකුතුවක්

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) සමාගම රුපියල් බිලියන 1ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගතහැකි, වසර පහකින් කල් පිරෙන ආකාරයට මෙම ණයකර නිකුතුව සිදු කිරීමට යෝජනා වී තිබේ. 
ඒ යටතේ මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 5ක් නිකුත් කෙරෙන අතර. එක් කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇත. ඒ අනුව මේ හරහා රැස් කිරිමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 500 කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 5ක් නිකුත් කෙරේ. මෙම නිකුතු දෙක හරහාමණයකර කොටස් මිලියන 10ක් නිකුත් කෙරෙන අතර, සමස්ත නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 1කි. මෙම ණයකර නිකුතුව සඳහා අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් MBSL සමාගම පවසයි.



අදහස් (0)

MBSL වෙතින් රු.බි.1ක ණයකර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site