IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


MAS හෝල්ඩිංග්ස් ඉන්දියාවේ නව ඇඟලු‍ම් කර්මාන්තශාලාවක ඉදිකිරීම් අරඹයි

භානුක අමරසිංහ


දකුණු ආසියාවේ විශාලතම ඇඟලු‍ම් නිෂ්පාදකයා වන MAS හෝල්ඩිංග්ස් සමාගම සිය ගෝලීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටුවන සිය පළමු කර්මාන්තශාලාව එහි භුයින්පූර්හිදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බව පවසයි.
ඒ අනුව මෙය එම සමාගම ඉන්දියාව තුළ දිගුකාලයක් පුරා සිදු කරන සිය මෙහෙයුම්හි තවත් උපායමාර්ගික මුලපිරීමක් වන අතර, මේ හරහා කලාපයේ සිය මෙහෙයුම් හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සමාගමේ අරමුණ වී තිබේ. එසේම වේගයෙන් වර්ධනය වන ඉන්දියාවේ සිල්ලර වෙළෙඳපොළ වෙත සාර්ථක ලෙස පිවිසීමත් මෙම කර්මාන්තශාලාවේ අපේක්ෂාවයි.
මෙම අවස්ථාව සඳහා MAS හෝල්ඩිංග්ස්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු, MAS India හි ප්‍රධාන විධායක නිලධාරී මලික් අහමදීන්, MAS හෝල්ඩිංග්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශක්ති රණතුංග, MAS ෆැබ්රික් පාර්ක්හි ප්‍රධාන විධායක නිලධාරී මුරාද් රාජුදීන් යන මහත්වරුන් ඇතුළුව ඔඩිෂා ප්‍රාන්ත රජය නියෝජනය කරමින් එහි විශේෂ ලේකම් ශ්‍රී සුභේන්ද්‍ර කුමාර් නායක් මහතාද සහභාගි වී තිබේ.
මෙම කර්මාන්තශාලාව තුළ ඇඟලු‍ම් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම 2026 වසරේ සිට සිදුකිරීමට MAS හෝල්ඩිංග්ස්හි සමාගම සැලසුම් කර තිබේ. එහිදී ඉන්දියානු මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහාත් ගැළපෙන ලෙස නිෂ්පාදනය කෙරුණු අගය එකතු කළ ඇගලු‍ම් නිෂ්පාදන කිරීම කෙරෙහි එම කර්මාන්තශාලාව අවධානය යොමු කර තිබේ.
මෙලෙස ඉන්දියාව තුළ කර්මාන්තශාලාවක් පිහිටුවීම ඉන්දියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම MAS සමූහයේ වැඩිම සේවක පිරිසක් සිටින ශ්‍රී ලංකාවට ද එහි ප්‍රතිලාභ අත්වන බවත් සමාගම පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙවැනි මුලපිරීම් හරහා සමාගම වෙත නව වෙළෙඳපොළ වෙත පිවිසීමට අවස්ථාව හිමි වන බවත්, කලාපය තුළ ඇති කරගන්නා හවුල්කාරීත්වයත් සමගින් ශක්තිමත් වර්ධනයක් මෙන්ම නව ව්‍යාපාරික අවස්ථා හිමි වන බවත් සඳහන් කරයි.
මේ අතර ඉදිරි වසර 10ක කාලය තුළදී MAS හෝල්ඩිංග්ස් සමාගම සිය හවුල්කරුවන්ද සමගින් එක්ව අක්කර 60ක භූමියක් යොදා ගනිමින් ඔඩිෂා ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම ඇගලු‍ම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටද සැලසුම් කර ඇතැයි සඳහන් කර සිටියි.

 



අදහස් (0)

MAS හෝල්ඩිංග්ස් ඉන්දියාවේ නව ඇඟලු‍ම් කර්මාන්තශාලාවක ඉදිකිරීම් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site