LOLC නිවුස් ෆස්ට්’ සමඟ එක්ව LOLC දිවි සවිය’ දීප ව්‍යාප්ත මානුෂීය වැඩසටහන ආරම්භ කරන ලදී.
කඩිනම් ප්‍රජා පහසුකම් සපයන්නෙකු ලෙස පෙරමුණේ සිටින LOLC, විපත් සහ ආපදා අවස්ථාවලදී තිරසාර ලෙස ජාතිය පෝෂණය කර තිබේ. මෙම අසීරු හා දුෂ්කර තත්ත්වය යටතේ LOLC, දිවිසවිය ව්‍යාපෘතිය හරහා දිවයිනේ වඩාත්ම අසරණ පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා යළි ඉදිරිපත් වී සිටී.
මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අත්‍යාවශ්‍ය සහන සැපයීමෙන් ප්‍රාදේශීය ප්‍රජාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කර ඇත. සහන පැකේජයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වියළි සලාක ඇතුළත්වේ. එක් සහන මල්ලක් සහල්, පිටි, පරිප්පු, සීනි, නූඩ්ල්ස්, තේ, ලුණු, සෝයා-මීට් සිට කුළුබඩු දක්වා කිලෝග්‍රෑම් 10 ක භාණ්ඩ වලින් සමන්විත වේ.
බෙදාහැරීමේ ජාලයේ පැහැදිලි බව සහ විනිවිදභාවය තහවුරු කරමින් දිවිසවිය වැඩසටහන සඳහා හිමිකම් ලබන වඩාත් දිළිඳුකමින් පෙළෙන පවුල් එක්රැස් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කෙරේ.
මෙම ව්‍යාපෘතිය 2022 මැයි 03 වැනිදා LOLC ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි. පළමු සහන මල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා විසින් ‘නිවුස් ෆස්ට්’ කණ්ඩායමට නිල වශයෙන් භාරදෙන ලදී.
-සටහන- චමින්ද මුණසිංහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
LOLC මානුෂීය වැඩසටහනක් දියත් කරයි