IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


LOLC ෆිනෑන්ස් වෙතින් පරිසර ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක්

 ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන  LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC), ස්වභාවික වනාන්තරවල සහ පෞද්ගලික ඉඩම්වල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක නැවත වගා කිරීම සඳහා මතුරට ප්ලාන්ටේෂන්ස් සහ විභව සොලියුෂන්ස් (පුද්ගලික) සමාගම සමඟ පසුගියදා ගිවිසුමකට එළඹුණි. එමගින් නැවත වන වගා ප්‍රයත්නයට සහය වීමටත්, ස්වභාවික පරිසරය යථාවත් කර පෝෂණය කිරීමටත් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වන්නේ පැළ 12,000 පලතුරු වගාවක් මෙන්ම ඖෂධීය ශාක වගාවල සිට වෙනත් තෝරාගත් ආවේනික වගා දක්වා ශාක 20,000 ක් රෝපණය කිරීමයි. LOLC ෆිනෑන්ස්, සමස්ත ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ මුල්‍ය සම්පත් දායකත්වය ලබාදෙන අතර, වන වගා සඳහා මතුරට ප්ලාන්ටේෂන්ස් අක්කර පනහක පෞද්ගලික ඉඩම් කොටසක් ඒ සඳහා ලබාදේ. පැළ සිටුවීම විභව සොලියුෂන්ස් යටතේ ‘තුරු’ මගින්  මෙහෙයවනු ඇත.   

දෙනියාය පරිසර පද්ධතිය තුළ ප්‍රධාන වශයෙන් දියත් කරන ව්‍යාපෘතිය මගින් මතුරට වැවිලි සමාගමට අයත් අක්කර පනහක් ආවරණය කරන අතර, ‘මියවාකි’ මාදිලියේ අක්කර පහක වන වගාව සහ සමනල උද්‍යානවලටද රැකවරණ ලබාදේ. ඊට අමතරව ප්‍රතිස්ථාපන යෝජනා ක්‍රමයක්, ජෛව විවිධත්ව අධ්‍යයනයක් සහ කාබන් සැකසුම් සිතියම්ගත කිරීමක්ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර ඇත්තේ සම්පූර්ණ ව්‍යාපෘතියේ ප්‍රතිඵල ප්‍රකාශනය තව දුරටත් ඉහළ නැංවීමේ අරමුණෙනි. සමස්ත වැඩසටහන මෙම ත්‍රිත්ව හවුල්කාරිත්වය සමඟ මාස 18 ක කාලයක්  අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.

LFLC, මතුරට සහ විභව සොලියුෂන්ස් අතර මේ සඳහා වූ නිල ගිවිසුමට අත්සන් තැබීම පසුගිය ජූලි 12 වැනිදා LOLC  හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට LOLCෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මොන්ටිනි වර්ණකුල, මතුරට ප්ලාන්ටේෂන්ස් සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන මානව සම්පත් නිලධාරි ප්‍රදීප් උළුවඩුගේ, මතුරට ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂිකා සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන මූල්‍ය නිලධාරිනී සංජීවනී කොටකදෙණිය, LOLC ෆිනෑන්ස් පීඑල්සී   මුල්‍ය ප්‍රධානී බුද්ධික වීරතුංග, විභව සොලියුෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී හේමින්ද ජයවීර සහ විභව සොලියුෂන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හසංක පාදුක්ක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

595



අදහස් (0)

LOLC ෆිනෑන්ස් වෙතින් පරිසර ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site