IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


LOLC අල්-ෆලාහ් වෙතින් ලංකාවේ ප්‍රථම වකාලා-පාදක ෆැක්ටරින් විසඳුම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විකල්ප මූල්‍ය විසඳුම් සැපයුම්කරු වන LOLC අල්-ෆලාහ්, ව්‍යාපාර මූල්‍යකරණයේ පරිවර්තනයක් උදෙසා සැලසුම්කළ ෂරියා අනුමත ෆැක්ටරින් සහ ඉන්වොයිස් / චෙක්පත් වට්ටම් පහසුකම් විකල්පයක් වන ‘අල්-ෆලාහ් වකාලා ෆියුචර්-කෑෂ්‘ දියත් කිරීම සාඩම්බරයෙන් නිවේදනය කළේය. මෙම පුරෝගාමී මූල්‍ය විසඳුම ව්‍යාපාරවලට සිය අනාගත මුදල් ප්‍රවාහ එසැණින් සපුරා ගැනීමට සහ ඉහළ නැංවීමට හැකියාව ලබා දෙන්නේ සදාචාරාත්මක මූල්‍ය ප්‍රතිපත්ති රැකගනිමිනි. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය මූල්‍ය සේවා අංශයේ නව මිණුම් සලකුණක් වන මෙම හඳුන්වාදීම විකල්ප මූල්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය උදෙසා ඛධඛක්‍ LOLC හි කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.

අයවිය යුතු ලැබීම්වලට එරෙහි පොලී මත පදනම්වූ ප්‍රතිලාභ අනුව සැකසෙන සාම්ප්‍රදායික ෆැක්ටරින් පහසුකම් මෙන් නොව, LOLC අල්-ෆලාහ් ‘වකාලා ෆියුචර්-කෑෂ් ටුඩේ‘ නිමැවුම ‘වකලා-බිල්-ඉස්ටිත්මාර්‘ සංකල්පය යටතේ, ඉස්ලාමීය ආර්ථික නීතියට (ෂරියා ලෝ) පූර්ණ අනුකූලතාවක් සහතික කරන ආකාරයෙන් නිර්මාණය කර ඇත. 

පොලී මත ගනුදෙනු සංකල්පයෙන් බැහැරවූ මෙම ආකෘතිය ඔස්සේ, LOLC අල්-ෆලාහ් කලින් තීරණය කරන අපේක්ෂිත ලාබ ප්‍රතිලාභ (APR) වලට හුවමාරුවක් ලෙස ව්‍යාපාර මෙහෙයුම් සඳහා ප්‍රාග්ධනය සපයයි. මෙම අරමුදල් සිය මෙහෙයුම්වල යෙදවීම සඳහා ව්‍යාපාර, නියෝජිතයන් ලෙස පත් කරන අතර, අතිරික්ත ඉපැයීම් ක්‍රියාකාරිත්ව දිරිගැන්වීමක් ලෙස වෙන්කර තබයි. මෙම විකල්ප මූල්‍ය සැලැස්ම මූල්‍ය විනය වැඩි දියුණු කරමින්, විනිවිදභාවය ප්‍රවර්ධනය කරන අතර, සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයන් දිරිමත් කරයි.

ශ්‍රී ලංකාව ආර්ථිකයේ ප්‍රකෘතිමත්භාවය සහ දිගුකාලීන ස්ථාවරත්වයක් කරා යොමුවෙමින් පවතින අවස්ථාවක මෙම පුරෝගාමී මූල්‍ය පහසුකම විශේෂයෙන් කාලෝචිත හඳුන්වාදීමකි. LOLC අල්-ෆලාහ් විකල්ප මූල්‍ය සේවා ප්‍රධානී ෂිරාස් රිෆායි මහතා මෙම හඳුන්වාදීමේ වැදගත්කම අවධාරණය කළේය. “ශ්‍රී ලංකාව ආර්ථික පුනර්ජීවනයේ මාවතට පිවිසෙද්දී, උදාවන අවස්ථාවලින් නිසි ඵල ලැබීමට නිවැරැදි මූල්‍ය මෙවලම් අවශ්‍ය වේ. විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස LOLC අල්-ෆලාහ්, බිල්පත්-වට්ටම් සහ ෆැක්ටරින් ක්ෂේත්‍රයේ තීරණාත්මක පරතරයක් හඳුනාගෙන ඇත. LOLC අල්-ෆලාහ් ‘වකලා ෆියුචර්-කෑෂ් ටුඩේ‘ නිමැයුම දියත් කිරීම ඉස්ලාමීය මූල්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව, ද්‍රවශීලතාව සහ කාරක ප්‍රාග්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන උපායමාර්ගික විසඳුමක් ඉදිරිපත් කිරීමක්ද වෙයි. මෙම නවෝත්පාදනය ශ්‍රී ලංකාවේ විකල්ප මූල්‍ය සේවා පසුතලය හැඩගැස්වීමේදී සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සවිබල බලගැන්වීමේදී අපගේ නායකත්වය යළි තහවුරු කරයි. ක්ෂේත්‍ර රැසකට සහය වීම සඳහා සකසා ඇති මෙම විකල්ප මූල්‍ය පහසුකම වෙළෙඳාම, නිෂ්පාදන, කෘෂිකර්මාන්තය, ආනයන හා සේවා ඇතුළු අංශ රැසක ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සලසයි. එමෙන්ම ෂරියා අනුකූලතාවෙන් ඔබ්බට යන මෙම මූල්‍ය විසඳුම, පිරිවැය කාර්යක්ෂමතාව, නම්‍යශීලීභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ නව ආදර්ශයක් සපයයි”

LOLC ෆිනෑන්ස් ෆැක්ටරින් අංශ ප්‍රධානී දීපමාලි අභයවර්ධන මහත්මිය, මෙම පහසුකමේ සුවිශේෂ වටිනාකම් පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් මෙසේ පැවසුවාය. “ඉස්ලාමීය ෆැක්ටරින් විසඳුම් සොයන ව්‍යාපාර සඳහා, LOLC අල්-ෆලාහ්හි ‘වකලා ෆියුචර්-කෑෂ් ටුඩේ’ නිමැවුම, මූල්‍ය අවශ්‍යතා සහ සදාචාරාත්මක පසුබිම යන අංශ දෙකටම ගැළපෙන කාර්යක්ෂම, සහභාගීත්ව මූල්‍යකරණ ආකෘතියක් ඉදිරිපත් කරයි. ව්‍යාපාර මුහුණ දෙන විවිධ අභියෝග හඳුනා ගන්නා අපි, මුදල් ප්‍රවාහය වැඩිදියුණු කිරීම, ණය අවදානම අවම කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කරලීම සඳහා නිර්මාණය කළ විසදුම් ඉදිරිපත් කරන්නෙමු. අප සමඟ එක්වීමෙන් ඔබේ ව්‍යාපාරයටත් විනිවිදභාවයෙන් යුත් ඵලදායී ලෙස සැකසු කළමනාකරණ විසඳුම් ලබා ගත හැකිවේ. ඊට ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස්හි අනුබද්ධ ඒකකයක් වන LOLC අල්-ෆලාහ් ශක්තිය සහ විශ්වාසයද හිමිවේ.”

පරිපූර්ණ මූල්‍ය ඇතුළත් කිරීම් සහ ව්‍යාපාර බලගැන්වීම සඳහා LOLC අල්-ෆලාහ් හි අඛණ්ඩ කැපවීම යළි තහවුරු කරමින් තවදුරටත් අදහස් දැක්වූ ෂිරාස් රිෆායි මහතා මෙසේ පැවසීය. “අපගේ ක්‍රියාශීලී පාරිභෝගික සබදතා උපායමාර්ගය අල්-ෆලාහ් විශ්වාසදායී මූල්‍ය සහකරුවකු ලෙස ගෘහස්ථ සහ ආයතනික යන අංශ දෙකෙහිම ස්ථාවරවීමට උපකාරී වී තිබේ. මූල්‍ය දැනුවත් කිරීම්, ප්‍රාග්ධනයට බාධාවකින් තොර අසීමිත ප්‍රවේශය සහ විකල්ප මූල්‍ය විසඳුම් සමඟ ඒකාබද්ධ වීමෙන් ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය මූල්‍ය ක්ෂේත්‍රයේ අවිවාදාත්මක ප්‍රමුඛයා ලෙස අපගේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරන්නෙමු.”

මෙමගින් ක්ෂේත්‍රයට ඇතිකරන පුළුල් බලපෑම පිළිබඳව අවධාරණය කළ අභයවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය. “LOLC ෆිනෑන්ස් හි ෆැක්ටරින් ව්‍යාපාර ඒකකය දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයට විශේෂයෙන් සැකසූ කාරක ප්‍රාග්ධන විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා බවට පත්ව ඇත. ෆැක්ටරින් මෙහෙයුම් පිළිබඳ අපගේ විශේෂඥතාව, දිවයිනේ වඩාත්ම කීර්තිමත්, කාරක ප්‍රාග්ධන සහ අයවිය යුතු කළමනාකරණ සේවා සපයන්නා ලෙස අප ස්ථානගත කර ඇත. LOLC අල්-ෆලාහ් මගින් ඉස්ලාමීය ෆැක්ටරින් හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළුව විකල්ප කාරක ප්‍රාග්ධන විසඳුම් ලබා දීමෙන්, මෙම පහසුකම වෙළෙඳපොළේ තීරණාත්මක පරතරයක් පියවන අතර, සිය වටිනාකම් රැකගනිමින් වර්ධනය ලැබීම සඳහා ව්‍යාපාර සවිබලගන්වයි. හුදෙක් මූල්‍ය මෙවලමකින් ඔබ්බට යන LOLC අල්-ෆලාහ් විකල්ප ෆැක්ටරින් විසඳුම ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය මූල්‍ය පරිසරය ශක්තිමත් කරන අතරම, ව්‍යාපාර පුළුල් කිරීම සඳහා දිරිගැන්වීමක්ද සපයයි.”



අදහස් (0)

LOLC අල්-ෆලාහ් වෙතින් ලංකාවේ ප්‍රථම වකාලා-පාදක ෆැක්ටරින් විසඳුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site