IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


LOLC අඛණ්ඩව නවවැනි වරටත් ජනතා කිරුළ පලඳී

LOLC හෝල්ඩිංග්ස් හි, අලෙවි සන්නිවේදන සමූහ ප්‍රධාන නිලධාරි සුසාන් බණ්ඩාර මහතා ඇතුළු අලෙවි සන්නිවේදන කණ්ඩායම සම්මානය ලබාගනිමින් 

 

2025 ‘ස්ලිම් - කැන්ටාර්’ ජනතා සම්මාන උළෙලේදී LOLC , අසමසම අඛණ්ඩ නවවැනි වරටත් කීර්තිමත් “වසරේ ජනතා මූල්‍ය සන්නාමය”‍ලෙසින් කිරුළු පැලඳීය. පරිපූර්ණ පාරිභෝගික පර්ෙ ය්ෂණ හරහා පිරිනමන මෙම සම්මානයෙන් ශ්‍රී ලාංකික ජනතාව සමඟ LOLC සන්නාමයේ ප්‍රබල සම්බන්ධතාව සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ එහි ස්ථාවර ප්‍රමුඛත්වය පිළිබිඹු වෙයි.

ක්ෂේත්‍රයේ බොහෝ අනෙකුත් සම්මාන මෙන් නොව, ස්ලිම් - කැන්ටාර් ජනතා සම්මාන තීරණය කරනු ලබන්නේ සන්නාම ඇතුළාන්ත පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වන කැන්ටාර් විසින් පවත්වනු ලබන ස්වාධීන පාරිභෝගික සමීක්ෂණයක් මගිනි. විනිශ්චය මණ්ඩලයක තීරණය මත රඳා පැවතීම වෙනුවට මුළුමනින්ම ජනතා කැමැත්ත, සන්නාම ඇගයීම සහ පාරිභෝගික විශ්වාසය මත පදනම් වන නිසා එය සන්නාමයක ස්ථාවරය පිළිබඳ වඩාත් අව්‍යාජ මිණුම් දණ්ඩක් බවට පත් කරයි. අඛණ්ඩ නවවැනි වරටත් මෙම කීර්තිනාමය හිමිකරගැනීම, සිය ගනුදෙනුකරුවන් සමඟ LOLC  හි ගැඹුරු ලෙස මුල් බැසගත් සම්බන්ධතාව සහ විශිෂ්ටත්වය උදෙසා තිරසාර ලෙස කැපවෙමින්, වෙනස්වන අවශ්‍යතා අනුව පරිණාමය වීමේ හැකියාව පෙන්නුම් කරයි.

LOLC  අඛණ්ඩ ලෙස ලබන මෙම සාර්ථකත්වය මූල්‍ය සවිබලගැන්වීම, නවෝත්පාදනය සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා එහි සහතික වීම මඟින් මෙහෙයවනු ලබයි. අඩු පහසුකම් සහිත ප්‍රජාව වෙත සමීප වීම සහ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමිත්වයෙන් LOLC  මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය යළි අර්ථ දක්වා තිබේ. සිය ප්‍රධාන මූල්‍ය විසඳුම්වලින් ඔබ්බට ගිය LOLC ජනතාව උදෙසා වසර ගණනාවක ශක්තිවන්තභාවය සහ බලාපොරොත්තුව මූර්තිමත් කරන සන්නාමයකි. ආර්ථික දුෂ්කරතා වේවා, ගෝලීය බාධා වේවා, අර්බුදකාරී සමයන්හිදී, ජාතියට අවශ්‍යම වූ පියවර ගනිමින් LOLC ශක්තියේ කුලු‍නක් ලෙස නැඟී සිටී. LOLC සැබැවින්ම සුවිශේෂී වන්නේ ජනතාව සමඟ පවතින මෙලෙස ගැඹුරට විහිදුනු සම්බන්ධතාව තුළිනි. තිරසාර සහය තුළින් අවදානම් කාණ්ඩයේ ප්‍රජාව නඟා සිටුවීමේ ‘දිවි සවිය’ මානුෂීය මෙහෙවර වැනි සැබෑ සමාජ බලපෑමක් ඇති කරන ව්‍යාපෘතිවලින්ද සමාගම පිළිගැනීමට ලක්ව තිබේ. 

මෙම සුවිසල් ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ LOLC  හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “අඛණ්ඩව වසර නවයක් මෙම සම්මානය ජයග්‍රහණය කිරීම, LOLC කෙරෙහි ජනතා විශ්වාසය සහ පක්ෂපාතිත්වය තහවුරු කරයි. ව්‍යාපාරයක් ලෙස පමණක් නොව ධනාත්මක වෙනසක් සඳහා වූ බලවේගයක් ලෙස මූල්‍ය සේවාවල නව මුහුණුවරක් ඇතිකිරීමට අපගේ කැපවීම එමඟින් පිළිබිඹු වේ. මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත ස්පර්ශ කර ඇති “දිවි සවිය” මානුෂීය ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ඔස්සේ මූල්‍ය ඇතුළත් කිරීම් පුළුල් කිරීමේ සිට සමාජ බලපෑමක් ඇතිකිරීම දක්වා, අපගේ අවධානය යොමු වන්නේ පුද්ගලයන් සහ ව්‍යාපාර සමෘද්ධිමත් වීම උදෙසා සවිබල ගැන්වීමටයි. මෙම පිළිගැනීමෙන් කර්මාන්තයේ තවදුරටත් මිණුම් සලකුණු තැබීම සහ ශ්‍රී ලාංකික විශිෂ්ටත්වය ලෝකයට රැගෙන යාම සඳහාවූ අපගේ අධිෂ්ඨානය ශක්තිමත් කරයි.”‍

ව්‍යාප්ත වෙමින් පවත්නා මූල්‍ය ක්ෂේත්‍රයේ අසමසම පාරිභෝගික අවධානය, ක්‍රියාශීලිත්වය සහ ශ්‍රී ලංකාවෙන් ඔබ්බට විහිදෙන දැක්මෙන් ඛධඛක්‍ තවදුරටත් සුවිශේෂ වෙයි. මහාද්වීප හතරක කලාප රැසක ගෝලීය පියසටහන් ව්‍යාප්ත වීමත් සමඟ, LOLC  සිය විශේෂඥතාව සහ බලපෑම නව වෙළෙඳපොළ වෙත රැගෙන යන අතර, දේශසීමාවලින් ඔබ්බටද මූල්‍ය බල කේන්ද්‍රයක් ලෙස එහි කීර්ති නාමය ශක්තිමත් කරයි.

මෙම නවතම ජයග්‍රහණයත් සමඟ, LOLC  මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියටම පැමිණෙන අතර, ජනතා තේරීම නිවැරදි බව සනාථ කරමින් තවදුරටත් විශිෂ්ටත්වයම පිරිනමයි. 



අදහස් (0)

LOLC අඛණ්ඩව නවවැනි වරටත් ජනතා කිරුළ පලඳී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site