මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව මගින් 2025 වසර සඳහා වන ව්‍යවසායකයා ලෙස LOLC හෝල්ඩිංග්ස් සමූහයේ විධායක සභාපති ඉෂාර නානායක්කාර මහතා නම් කර තිබේ.
විශේෂයෙන්ම නානායක්කාර මහතා මෙරට ව්‍යාපාරිකයන් අතර ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරිකයකු බවත්, ගෝලීය නවෝත්පාදකයන් තුළ දැකගත හැකි නිර්භීතකම සහ පරමාර්ථ ඒ මහතා සතුව දකින බවත් සඟරාව පවසයි. ඒ අනුව වසරේ ව්‍යවසායකයා ලෙස පළමු තේරීම බවට ඒ මහතා පත් වූ බව සඟරාව සඳහන් කරයි.
“2024/25 මූල්‍ය වර්ෂය අවසානයේදී රුපියල් ට්‍රිලියන 2 ඉක්මවූ සමස්ත වත්කම් ප්‍රමාණයද සමගින් LOLC හෝල්ඩිංග්ස් සමූහය ශ්‍රී ලංකාවේ විශාලතම සහ ගෝලීයව විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් බවට පත්ව තිබෙනවා. එහිදී සමූහයෙහි විධායක සභාපතිවරයා ලෙස ඒ මහතා සතු සීමාවලින් එපිට ගිය දැක්ම හේතුවක් වී තිබෙනවා.“ යනුවෙන්ද LMD සඟරාව පවසයි.
ඔහුගේ නායකත්වය යටතේ, LOLC සමූහය අද වන විට ආසියාව, ඕස්ට්‍රේලියාව සහ අප්‍රිකාව පුරා පැතිරුණු බහුජාතික බලවේගයක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අතරින් දකුණු සහ අග්නිදිග ආසියාව යටතේ ශ්‍රී ලංකාව, කාම්බෝජය, මියන්මාරය, ඉන්දුනීසියාව, පිලිපීනය, පකිස්ථානය සහ ඉන්දියාව ආවරණය කරයි. එහි මධ්‍යම ආසියානු කලාපයේ පැවැත්ම ටජිකිස්තානය, කිර්ගිස්තානය සහ කසකස්තානය පුරා විහිදේ. එසේම අප්‍රිකානු කලාපය යටතේ එම සමූහය ඊජිප්තුව, කෙන්යාව, ටැන්සානියාව, රුවන්ඩාව, මලාවි, සැම්බියාව, සිම්බාබ්වේ, නයිජීරියාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) යන රටවල ක්‍රියාත්මක වෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.