පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එම වැඩසටහන යටතේ මගී ආසනයේ ඉහළ කොටස විශේෂ QR කේතයකින් සමන්විත රෝස පැහැති රිබන් පටියකින් සරසා තිබිණි.
එම කේතය හරහා Kangaroo Cabs නිල වෙබ් අඩවියට පිවිස පියයුරු පිළිකාවලට අදාළ වැදගත් කරුණු සහ පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳ තොරතුරු දැන ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිණි. මෙරට වඩාත් විශ්වාසනීය කුලී රථ සේවා සමාගමක් වන Kangaroo Cabs දෛනිකව පාරිභෝගිකයන් දහස් ගණනකට සේවා සපයයි. එම සමාගම ගුවන්තොටුපොළ ගමන්වල සිට විදෙස් සංචාරකයන් සඳහා වන පෞද්ගලික චාරිකා දක්වා සියලු ප්‍රවාහන සේවා සපයයි. මෙම සුවිශේෂ වැඩසටහන තුළින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරද පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට හැකියාව ලැබිණි.
මෙම වැඩසටහන බොහෝ සේ අගය කළ මගීන් ඒ පිළිබඳව රියැදුරන් සමග අදහස් හුවමාරු කර ගත් අතර ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳව රියැදුරෝ ප්‍රධාන කාර්යාලය දැනුවත් කළහ. ඒ තුළින් මෙම වැඩසටහනෙන් ඇති වූ ධනාත්මක බලපෑම පිළිබිඹු වේ. ”එදිනෙදා කුලී රථ ගමනක් තුළින් ඉතා වැදගත් පණිවුඩයක් සමාජගත කිරීමට ලැබීම අපට විශාල ආඩම්බරයක්. රෝස පැහැති රිබන් පටියකින් සමාජයට ධනාත්මක බලපෑමක් කරන්නට අපට හැකි වුණා. කුඩා ක්‍රියාවකින් පවා අර්ථවත් යමක් කළ හැකි බව මේ තුළින් තහවුරු වෙනවා.” Kangaroo Cabs සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය. Kangaroo Cabs දෛනිකව ගනුදෙනු කරන දහස් ගණනක් මගීන් හරහා මෙම පණිවුඩය ඉතා හොඳින් සමාජගත කිරීමට ඔවුන්ට හැකි විය. පිළිකාවෙන් ජීවිත බේරා ගැනීමට වඩාත්ම ප්‍රතිඵලදායක ක්‍රියාමාර්ගය කල් ඇතිව පිළිකාව හඳුනා ගැනීම බව ජනගත කිරීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රවාහන සේවා සැපැයීමට අමතරව සමාජ වගකීම අඩුවකින් තොරව ඉටු කිරීම Kangaroo Cabs මේ අපේක්ෂාවයි.
2025 නොවැම්බර් මස 21
107
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි