තිරසාර පාරිසරික පැවැත්ම සහ වගකීම්සහගත ව්‍යාපාරික භාවිතයන් කෙරෙහි නිරන්තරයෙන් කැප වූ ආයතනයක් වන කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සමාගම, සිය KIST සහ KNUCKLES සන්නාම හරහා දක්ෂිණ අධිවේගී මාර්ගය කේන්ද්‍ර කරගත් නව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
ඒ අධිවේගී මාර්ගය භාවිත කරන මගීන් විසින් බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සඳහා වැලිපැන්න විවේක පරිශ්‍රයේ ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් හතරක් ස්ථාපිත කිරීමෙනි.
වගකීම්සහගත ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ජනතාව දිරිමත් කිරීම සහ එලෙස එකතු කරගන්නා ප්ලාස්ටික් අපද්‍රව්‍ය විධිමත් ප්‍රතිචක්‍රීකරණ පද්ධති වෙත යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. දක්ෂිණ අධිවේගී මාර්ගය යනු දිනපතා විශාල වාහන සංඛ්‍යාවක් ගමන් කරන ප්‍රධාන මාර්ගයක් බැවින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමට පෙර ඒවා එක් රැස් කිරීමට මෙමගින් තීරණාත්මක දායකත්වයක් සැපයෙනු ඇත.
පරිසර සංරක්ෂණය සිය මෙහෙයුම් කටයුතුවල මූලික පදනම ලෙස සලකන කාගිල්ස් සමාගමේ පුළුල් තිරසාර වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ද හැඳින්විය හැකිය. මීට අමතරව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජල මාර්ගවලට එක්වීම වැළැක්වීම සඳහා බොරලැස්ගමුව සහ වනාතමුල්ල ප්‍රදේශවල ක්‍රියාත්මක වන zOcean Strainerz ව්‍යාපෘතිය සහ ප්‍රධාන වශයෙන් ප්ලාස්ටික් බැහැර වන බවට හඳුනාගත් ස්ථානවල පිහිටුවා ඇති ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් පද්ධතියක් ද මේ වන විටත් කාගිල්ස් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. එමෙන්ම වෙරළාශ්‍රිත පරිසරය සුරැකීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් KIST සහ KNUCKLES සන්නාම හරහා මෝදර කාක දූපත වෙරළ තීරය රැකබලා ගැනීමේ වගකීම ද කාගිල්ස් සමාගම විසින් භාරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd